* යහපාලනය හා සුපිරිසුදු දේශපාලනයක් වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රබල ජන බලයක් ලැබුණත් මේ ජනාධිපතිවරණ සටන මෙහෙයවනු ලැබුවේ විවිධ බාධා හා දුෂ්කරතා මැදයි. මේ ජයග්‍රහණය පිළිබඳ ඔබේ තක්සේරුව පැහැදිලි කළ හැකි ද?
රාජ්‍ය නිලධාරීන්ගේ බලය, හමුදා ශක්තිය, පොලිසියේ ශක්තිය, ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ශක්තිය රාජපක්ෂ පවුල ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවයි කටයුතු කළේ. රාජපක්ෂ යුගයේදී රට අයාලේ යන තැනකටයි පත්ව තිබුණේ. ඇත්තෙන්ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු මෙරට සෞභාග්‍යමත් දේශයක් බවට පත්කිරීමට ඉතාමත් වැදගත් අවස්ථාවක් තිබුණා. ඒත් අවාසනාවන්ත විදිහට මේ අවස්ථාව ගිලිහී ගියා.
ඒකට හේතු වුණේ මේ සියල්ල අමතක කර මමත්වය මූලික කරගෙන, හිටපු පාලකයන් කටයුතු කිරීමයි. දුෂ්ට පාලන ක්‍රමයත්, මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කල්ලියත් දේශපාලන වශයෙන් පරාජය වී තිබෙනවා. එය දේශපාලන පරාජයක්
පමණයි. රට ඉදිරියට ගෙන යාමට දේශපාලන පරිවර්තනයක්, සමාජීය පරිවර්තනයක් අවශ්‍ය කරනවා. ජනාධිපතිවරණයේදී ජනතාව මෛත්‍රී පාලනයක් උදෙසා ඡන්දය ලබා දුන්නේ මේ වෙනස ඇති කිරීමටයි.
* මෛත්‍රී යුගය ආරම්භයේ සිටම යහපාලනයක් පිළිබඳවයි කතා කරන්නේ. මේ යහපාලනය ආරම්භ කිරීමට නව රජය සූදානම් ද?
නිසැකවම එම සරල වූත්, යහපත් වූත් පාලන යුගය ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ පවා පුහු ආටෝපය නොමැතිව තමන්ගේ ඡන්ද ව්‍යාපාරය රැගෙන යාමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා. ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උළෙල පවා ඉතාමත් සරල විදිහටයි තිබුණේ. ඒ සඳහා රුපියල් හයදහසක් තරම් සුළු මුදලකුයි වැය වුණේ. හිටපු ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමේ උත්සවයට රුපියල් කෝටි ගණනක් වියදම් කළා.
මේ වෙනස බලන්න ඇමැතිවරු දිවුරුම් දීමේ උත්සවයට පැමිණි ජනාධිපතිතුමා අත්සන් කළේ රුපියල් පහළොවේ බෝල්පොයින්ට් පෑනකින්. ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා පෑනකින් අත්සන් කරන්නේ. මීට පෙර පැවැති පාලනයේදී මැති ඇමැතිවරු මාර්ග නීතියක්වත් පිළිපැද්දේ නැහැ. ඒත් වර්තමාන රජයේ ඇමැතිවරුන් රටේ සියලු නීතිරීතිවලට යටත් වූ පිරිසක් විදිහටයි කටයුතු කරන්නේ. මෙය රාජපක්ෂ පාලනයේත්, යහපාලනයේත් පවතින වෙනසක් විදිහට පෙන්වා දීමට හැකියාව තිබෙනවා. දින සියයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මඟිනුත් යහපාලනයට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා. එමෙන්ම ජනතා යහපත වෙනුවෙන් තවත් ක්‍රමවේද රැසක් අනුගමනය කිරීමට නියමිතයි.
* රාජපක්ෂ මහතාට හිතවත් පිරිස්වලට චෝදනා එල්ල කරමින් කුණු අවුස්සන බවට ඔවුන් චෝදනා එල්ල කරනවා. මේ චෝදනාවල සත්‍යයක් තිබෙනවාද?
ගෙදරක වුණත් කුණු ඉවත් කරන්න වෙන්නේ කුණු තිබෙනවා නම් විතරයි. ජනතාව මුහුණ දී ඇති රෝගවලින් ව්‍යාදිවලින් බේරාගැනීමට නම් ගෙදර තිබෙන කුණු කන්දල් ඉවත් කළ යුතුමයි. එය නියතවම ඉටුකළ යුතු කාර්ය භාරයක්. මේ පවිත්‍රකරණ ව්‍යාපාරය කඩිනම් කළ යුතුමයි. කොන්දේසි විරහිතව හොරුන්ට, තක්කඩීන්ට, වංචාකරුවන්ට එරෙහිව පියවර ගත යුතුයි. හොරුන්ට දඬුවම් කළ යුතුයි. පවතින නීති මදි නම් අලුත් නීති ඇතිකර හෝ දඬුවම් කළ යුතුයි. එහෙත් අහිංසක ප්‍රතිවාදී දේශපාලන ආධාරකරුවන්ට නිකරුණේ තලා පෙළා දැමීම් නැවතිය යුතුයි. දැන් සිද්ධි මූලික කරුණු නොවෙයි වැදගත් වන්නේ. විෂය මූලික කරුණුවලටයි යොමුවිය යුත්තේ. අප රට නිදහස ලබා දැන් අවුරුදු හැටහතක් වෙනවා. නමුත් අප රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්වත් හදාගන්න බැරිවෙලා තිබෙනවා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ක්‍රමවේද කතා කරනවා විතරයි. ඒ නිසා ආණ්ඩු මාරුවීම්වලදී මාරු නොවන ජාතික වැඩපිළිවෙළක් තමයි ඇතිවිය යුත්තේ.
* හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා මැති ඇමැතිවරු ළඟ ඇති ෆයිල් ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. මේ ගැන අලුත් ආණ්ඩුව විසින් හොයා බලනවාද?
මේ කතාවෙන්ම තේරෙනවා හිටපු ආණ්ඩුවේ හොරු හිටිය බව. අපේ ආණ්ඩුව දූෂිතයන් පිළිබඳව සොයා අල්ලස් කොමිසම ඉදිරියට ගෙනවිත් විමර්ශනයට ලක්කරනවා. දූෂණ විරෝධී අපේ සටන අප ඉදිරියටම කරගෙන යනවා.
* “සිය දිනකින් අලුත් හෙටක්” සංකල්පය යටතේයි පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තරග කළේ. මේ දින සියයේ වැඩපිළිවෙළ නිශ්චිත හා සාර්ථක වැඩපිළිවෙළක් විදිහට ඔබ සිතනවාද?
අපි අවුරුදු විස්සක් ඉඳලා ආණ්ඩු බලය ලබාගත්තාම දින සියයකින් සියල්ල වෙනස් කළ හැකි යැයි අප කියන්නේ නැහැ. මේ දින සියය තුළ රටේ ව්‍යුහාත්මක වෙනසක් සිදුකිරීමටයි උත්සාහ කරන්නේ. ජීවන වියදම පහළ දැමීම, මැතිවරණ ක්‍රමයේ හා ව්‍යවස්ථාවේ සංශෝධන සිදුකිරීම ඇතුළු ප්‍රමුඛ කාර්යයන් ඇතුළත් කර තිබෙනවා. මේ සඳහා සර්ව පාර්ශ්වික අදහස් ලබාගැනීමට කටයුතු කරනවා. දින සියය තුළ මේ ව්‍යුහාත්මක වෙනස ඉදිරි කාලයේදී වඩාත් සාර්ථක ලෙස ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
* රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම පිළිබඳව පසුගිය රාජපක්ෂ ආණ්ඩුවට ප්‍රබල විදිහට චෝදනා එල්ල කළා.
රාජ්‍ය මාධ්‍ය හැමදාම පවතින රජයට වන්දි භට්ටකම් කළා. ඒ තත්ත්වය රාජපක්ෂ කාලයේදී උපරිමයෙන් ඉහළ ගියා. අපේ අරමුණ වෙලා තිබෙන්නේ රාජ්‍ය මාධ්‍ය ස්වාධීන මාධ්‍ය බවට පත්කිරීමයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. සියලු රාජ්‍ය මාධ්‍ය ආයතනවලට ඉතාමත් හොඳ පරිවර්තනයක් ඇතිවන ආකාරය ඔබට බලා ගැනීමට පුළුවන්කම ලැබේවි. අපේ අරමුණ රාජ්‍ය මාධ්‍යවලට ස්වාධීනත්වයක් ලබාදීමයි. තවම රජය පත් වී සති දෙකක් ගතවෙලා නැතත් සැලකිය යුතු තරමේ වෙනස්කම් රැසක් සිදුවෙමින් තිබෙනවා.
* ඔබත් සමඟ එජාපය තුළ කටයුතු කළ විශාල පිරිසක් පැවති රාජ්‍ය පාලනයේ දෙඅත් ශක්තිමත් කිරීමට එවක රජයට එක්වුණා. ඒත් ඔබ දීර්ඝ කාලීනව එජාපයත්, එජාපයේ ප්‍රතිපතීත් ආරක්ෂා කර ගනිමින් කටයුතු කලා. ඔබගේ නොවෙනස් ප්‍රතිපත්තිය ඉදිරියටත් එහෙමද?
අපි ලේවලින් අත්සන් කර තමයි එජාපය අතහැර නොයන බවට පාක්ෂිකයන් ඉදිරියේ සහතික වුණේ. අප සදහටම මේ පොරොන්දුව ආරක්ෂා කරනවා. එය කිසිදා වෙනස් නොවන පොරොන්දුවක් විදිහට හඳුන්වා දීමට පුළුවන්. මගේ ජනතා සේවය දැන් එදාටත් වඩා හොඳින් ඉටුකරලීමට පුළුවන්කම ලැබී තිබෙනවා. අද වෙද්දි බලයත් සමඟ අපේ ජනතා මෙහෙවර වඩාත් ශක්තිමත් ලෙස ඉදිරියට රැගෙන යාමට හැකියාව තිබෙනවා.දැන් අපට අවශ්‍ය කරන්නේ ලැබූ බලය ජනතා අවශ්‍යතා සඳහාත්, ජනතාව ශක්තිමත් කිරීම සඳහාත් යොදා ගැනීමයි. ඇතිවූ වෙනස ජනතාව බලාපොරොත්තු වූ දිශාවට යොමු කළ හැක්කේ යහපාලනයේ දිශාව වෙත අප සියලු දෙනා එක්කර ගැනීමෙනුයි.
No comments:
Post a Comment