තැල්ල බඳින්නට නම් බෙල්ල බේරා ගත යුතු යැයි ජනප්‍රිය කියමනක්
පවතී.ස්ත්‍රියක විෂයෙහි නම් ගෙල සහ විශේෂයෙන්ම ගෙල දෙපස නිර්මාණය වී පවතින්නේ
අධි සංවේදී ස්ථාන දෙකක් ලෙසිනි.මේ තුළ හැඟීම් පුබුදුවාලීමේ මහා බලයක් සැඟව
පවතී. ඊට අමතරව තවත් කරුණු රැසක් නිසා ගෙන ඉතා වැදගත් වේ.දෛවඥ කාමධේනුව වැනි
මාහැඟි ජ්‍යොතිෂ ග්රන්ථ රත්නයන් හි ගෙල ඇසුරින් ස්ත්රීන්ගේ අභ්‍යන්තර
සිතිවිලි හෙළිකර ගන්නා ආකාරය විස්තර කොට ඇත.නාරි දේහ ලක්ෂණ විද්‍යාවේදී ගෙල හෙවත් බෙල්ල ප්‍රභේද රාශියකට බෙදා වෙන්කොට තිබේ.මේ එයින් කිහිපයකි.
තර-කොට-ගෙල ඇත්තිය
ගෙල මහතය.එමෙන්ම ඉතා කොටය.මුහුණ පහත් කළ විට මුළුමණින්ම පාහේ ගෙල නොපෙනී යන සුළුය.මේ තැනැත්තිය ඇවිද යන්නේ පොළවට නොරිදෙන ගානටය.කපටි නුවණින් යුතුය.අනුන්ගේ සැපත දැකීමට නොරිසි වන්නීය.අතිශයින්ම රාගාධිකය.එහෙත් ඒ බව නොපෙන්වයි.ඉතා ඉක්මනින් තෘප්තියට පත්වේ.මායම්කාරියකි. ඊර්ෂ්‍යාව සහ කුඩුකේඩු සිත් ඇතිව ජීවත්වන්නියකි.
පළිගැනීමට මැළි නොවේ.මිතුරන් බිඳවන සුළුය.තන්හාව සහ ලෝබය ඉතා අධිකය.පහසුවෙන් අදහස් වෙනස් නොකරයි.මිතුරු මිතුරියන් ඉතා අඩුය.එහෙත් ලෞකික සැප සම්පත් භුක්ති විඳින්නියකි.දාර්ශනික-අධ්‍යාත්මික අංශය ඉතා දුබලය.නොමැරෙන අයෙකු ලෙස ජීවත්වේ. වෙෙළඳාම ආදියෙහි ඉතා ශූර තැනැත්තියකි.
වටකුරු ගෙල ඇත්තිය
භෞතික සහ ආධ්‍යාත්මික යන අංශ දෙකෙන් ම පොහොසත්ය.දෙවියන් -බුදුන් කෙරෙහි ඉමහත්බැතිමතියකි.පින් පව් ගැන නිතර මෙනෙහි කරයි.සමාජයේ ගරු බුහුමන් ලබන්නියකි.ආදරයට ආදරය කරන්නියකි.ධනය-වස්තුව ලබන්නා සේම ඒවා දීමට ද කැමතිය.ඉතා ඉක්මනින් තෘප්තියට පත්වේ.බර අඩි තබා ගමනේ යෙදේ.විශ්වාසදායක චරිතයකි.එහෙත් බොළඳ ගති පවතී.නිතර සිනහවෙන් සතුටින් ජීවිතය විඳින්නට ප්‍රිය කරන්නියකි.වහා රැවටෙන සුළුය.තමාට හිතවත් සියලු දෙනා සතුටට පත්කිරීම තම සතුට බවට පත්කර ගෙන ජීවත්වන්නියකි.ජීවිතයේ මැදි වියෙහිදී දෙවැනි හෝ තුන්වැනි ප්‍රේම ලෝකයකට සිත යොමු කරයි.එහෙත් ගෞරවය රැක ගනී.දණ්ඩාකාර ගෙල ඇත්තිය
මේ ස්ත්‍රියගේ ගෙල දණ්ඩක් මෙන් දිගුය.එමෙන්ම සිහින්ය.බලාපොරොත්තු කඩ වූ ශෝකී චරිතයකි.ජයග්රහණයන්ට වඩා පරාජයන්ට මුහුණ දේ.තරමක් කළහකාරීය.මුරණ්ඩුය.අතෘප්තිමත්ය.සාර්ථක ගෘහණියක් නොවේ.දරු සම්පත හීනය.පිරිවර හා ධන සම්පත්තියෙන් දිළිඳුය.ප්‍රේම දබඳතා විශාල ගණනක් ඇති කර ගන්නා නමුත් ඒවා ඉක්මනින් අවසන් කරයි.විධායක ශ්‍රේණියේ තනතුරු ලබන්නියකි.එහෙත් වෘත්තීය ජීවිතය දුෂ්කරය.මිතුරු මිතුරියන් ඉතා අඩුය.බොරු මාන්නය ලොකුම දුබලකමය.වටකුරු රැලි සහිත ගෙල ඇත්තිය
මහේෂිකාවක ලෙස ජීවත්වන්නියකි.පෙරපින් බොහෝ ඇති බවට ලකුණකි.ගෙලෙහි හොඳින් සමට කා වැදී ගිය රැලි තුනක් වේ නම් දෙව්ලොවින් මනු ලොවට පැමිණි තැනැත්තියකි.ගියගිය තැන ගරු බුහුමන් ලබයි.ධනය වස්තුව මෙන්ම බුද්ධියෙන් ද පොහොසත්ය.ඉතා අවංක සෘජු ගති ඇත්තියකි.අන් සතු දේ නොගන්නා තැනැත්තියක මෙන්ම තමා සතු දේ දීමට කැමති චරිතයකි.ඇත් ලීලාවෙන් ගමනේ යෙදේ.ඉක්මණින් තෘප්තියට පැමිණේ.ආකාශ වස්තූන් සිහිනෙන් දකී.අනුන් රවටන්නේ ද තමන් රැවටෙන්නේ ද නැත.සෑම දෙයම පිරිසිදුවට සිදු කිරීම කැපී පෙනේ.තර දිගු ගෙල ඇත්තිය
ඉතා වීර්යවන්තය.ශක්ති සම්පන්නය.කරන දේ හරියටම කරයි.නායක තනතුරු දරයි. එහෙත් ප්‍රේමය හමුවේ ඉතා අසාර්ථකය. බොහෝ විට අවිවාහකය.සියුම් කර්මාන්ත ආදියෙහි අසාර්ථකය.ආධිපත්‍යධාරී නමුත් නීතිගරුකය.පොතේ හැටියටම මිස හිතේ හැටියට වැඩ නොකරයි. තීරණයක් ගත්තොත් ගත්තාමයි.වක්‍ර ගෙල ඇත්තිය
කොකෙකු ගේ මෙන් ඇල වී ගිය,නැමුණා වූ වක්‍ර ගෙලක් හිමි කාන්තාව කිසිසේත් විශ්වාස කළ නොහැකි චරිතයකි.ඇය තමාටද අන් අයටද අවාසනාව ගෙන දෙන්නීය.එකවර පිරිමින් කිහිපදෙනක් ඇසුරු කරන්නියකි.නින්දා අපහාස විඳින්නියක නමුත් එයින් පසුබට නොවේ.බොහෝ විෂයයන් පිළිබඳ දැනුම ඇති බව පෙන්වීමට උත්සාහ කළද ඈ කිසිවක්ම නිසි ලෙස ඉගෙන ගන්නේ නැත.දුබල පෞරුෂයකට හිමිකම් කියයි.චංචල දෑසක් සහ නිතර වෙනස්වන සිතිවිලි ඇති තැනැත්තියකි.මේ මූලික ලක්ෂණ මිශ්‍ර වී ඇති තවත් ප්‍රභේද රාශියකි. ඒ අය ගේ ගති පැවැතුම් වඩාත් ප්‍රකට ලක්ෂණ ඇසුරින් හඳුනා ගත යුතුව තිබේ.සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ගෙල හිමි තැනැත්තිය ජීවිතයේ සැප දුක සම සමව භුක්ති විඳී.ඇගේ ගති පැවැතුම් ද සාමාන්‍ය ලෙස පවතී.
අරවින්ද විද්‍යාර්ථි
No comments:
Post a Comment