රුද්රාක්ෂ බීජය බොහෝ මිනිසුන් අතර
අධ්‍යාත්මික අතින් ප්‍රසිද්ධ බීජයකි.ඖෂධ ගුණයෙන් හෙබි රුද්රාක්ෂය
විශ්මිත ශාක බීජයක් ද වේ.
ඉන්දියාව ටිබෙටය ,තායිලන්තය ,නේපාලය වැනි රටවල හොඳින් වැඩෙන ශාකයක් වන මේ ගසේ බීජය ශ්‍රීලංකාවේ ද යම් පිළිගැනීමක් ඇත.රුද්රාක්ෂ ශාකයේ හට ගන්නා බීජ රුද්රාක්ෂ බීජ වේ.මෙහි පොත්ත නිල් පැහැතිය.බීජයේ පොත්ත වියළී ගිය පසු මුහුණු හෙවත් මුහුණු දැක ගත හැකි වෙයි.බීජයක මුඛී එකේ සිට 21 දක්වා පිහිටයි. නමුත් මුඛී 29ක් ඇති දුර්ලභ රුද්රාක්ෂ ද කලාතුරකින් දැක ගත හැක.එසේම අසීමිත මුඛී ඇති රුද්රාක්ෂ ද බීජ දෙක තුනක් එකට බද්ධ වූ රුද්රාක්ෂ ද දැක ගත හැකි විරළ අවස්ථා නැතුවා නොවේ.
රුද්රාක්ෂ බිජයේ ඉතිහාසය
ශිව දෙවියන් භාවනා යෝගීව සිටින විට ඇසුණු මිනිසුන් ගේ දුක් අඳෝනා හේතුවෙන් සිතේ ඇති වූ මහා දුකට ශිව දෙවියන්ගේ ඇසින් මහ පොළවට වැටුණු කඳුලකින් රුද්රාක්ෂ ගස බිහි වූවා යැයි පුරා වෘත්තයක් වෙයි.මේ රුද්රාක්ෂ බීජයට ශිව දෙවියන්ගේ ආකර්ෂණය ,බලය හා ආශිර්වාදය නොඅඩුව හිවි වන බව මිනිසුන් ගේ මතයයි.එනිසා රුද්රාක්ෂ බීජයට ලෙඩ සුව කිරීමේ මහා බලයක් ඇතැයි පිළිගැනීමක් පවතී.
අධික රුධිර පීඩනය,මානසික රෝග,බිය,උගුරේ හට ගන්නා ආබාධ ආදියට රුද්රාක්ෂ බීජ පැළඳීම මෙන්ම රුද්රාක්ෂ බීජ දිය බඳුනකට දමා තබා එම ජලය පානය කිරීමෙන් රෝග සුව වන බවට පිළිගැනීමක් ද තිබේ.
වස විෂ හේතුවෙන් ශරීරයේ ඇති වන ,ලප,කැලැල්, තුවාල,පලු ආදියට රුද්රාක්ෂ බීජය කුඩුකර ආලේප කිරීමෙන් ඒවා සුව වේ.
රුද්රාක්ෂයේ විද්‍යාත්මක පදනම
පුද්ගලයා පිළිබඳ නිවැරදි පලාඵල ලබාගත හැකි අංක විද්‍යාව අනුවද පරාශර ක්‍රමය අනුවද රුද්රාක්ෂ භාවිතා කරයි. රුද්රාක්ෂ පැළඳීමට තමන්ගේ දෛව අංකය,ලග්නය,මහ දශාව,අතුරු දශා,ජන්ම නැකැත මෙන්ම ඒවායේ ගෝචරයට අනුව හෝ යෝගකාරක ග්‍රහයා අනුව හෝ තෝරාගත හැක.
රුද්රාක්ෂ ශරීරයේ ස්පර්ශ වන ආකාරයට පැළඳීමෙන් එහි ඇති විද්‍යුත් චුම්බක ශක්තිය ශරීරයට උරා ගනී.එසේ උරාගෙන එහි ඇති ස්වභාවික ශක්තිය හා බලයෙන් පුද්ගලයා සතු අපල උපද්‍රව දුරු කරයි.මේ නිසා ඔහු තුළ අධ්‍යාත්මික ගුණය වැඩි වේ. අන් බීජවලට මෙන් නොව රුද්රාක්ෂයට ශබ්ද තරංග උරා ගැනීමට හා එම තරංග ගබඩා කර ගැනීමට අපූරු හැකියාවක් පවතී.වේද මන්ත්‍රවලින් මෙන්ම ස්ත්රෝත්රවලින් ද රුද්රාක්ෂ ජපකරයි.එමඟින් රුද්‍රාක්ෂවල බලය තව තවත් වැඩිවේ.මෙසේ නියමාකාරයට රුද්රාක්ෂ ජීවම්කර පැළඳීමෙන් දෙවියන් සමඟ අධ්‍යාත්මිකව සන්නිවේදනය කළ හැක.රෝග නැතිකර ගැනීමට ද වැළඳිය හැකි රෝග කල්වේලා ඇතිව වලක්වා ගැනීමට ද සමෘද්ධිය ලබා ගැනීමට ද රුද්රාක්ෂය නිසි ලෙස පැළඳීමෙන් හැකි වෙයි.
අද ලංකාවේ සැබෑ රුද්රාක්ෂ වෙනුවෙන් මසං නමැති ශාකයේ ඇට භාවිතා කරයි.ඒවා පැළඳීමෙන් හෝ ඒවාට මන්ත්‍ර ස්ත්රෝත්ර ජීවම් කිරීමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් සිදු නොවන බවද දැනගත යුතුය.හුදෙක් එය මසං බිජයෙන් තැනූ විලාසිතාවක් පමණි.
රුද්රාක්ෂ බීජයේ උඩ කොටස බ්‍රහ්ම ලෙසත්,මැද කොටස විෂ්ණු ලෙසත් ,පහත කොටස ශිව ලෙසත් හඳුන්වනු ලබයි. එනිසා ශිව දෙවියන්ගේ පමණක් නොම සෑම දෙවියෙකුගේම බලය,ආශිර්වාදය උරා ගැනීමේ හැකියාවක් රුද්රාක්ෂය සතුය.
ශිව දෙවියන් බාහුවේ පැළඳ සිටින්නේ ද රුද්රාක්ෂවලින් කළ මාලය.මේ නිසාම රුද්රාක්ෂයට දිව්‍යමය බලයක් ලැබී ඇතැයි විශ්වාස කෙරේ.
මේ බීජයේ මුඛී හෙවත් මුහුණු ගණනක් ඇති ඒවා තිබුණ ද බහුලව ඇත්තේ ඒකේ සිට විසි එක දක්වා ඇති රුද්රාක්ෂය.
මුහුණු අනුව රුද්රාක්ෂයට අධිපති දෙවිවරු
ඒක මුඛී හෙවත් එක් මුහුණක් ඇති රුද්රාක්ෂයට මෙන්ම පහළොස් මුඛී රුද්රාක්ෂයට අධිපති වන්නේ ශිව දෙවියන්ය.මුඛී දෙකක් ඇත්නම් ශිව දෙවියන් හා පාර්වතී දෙවඟන යන දෙදෙනාම අධිපතීත්වය දරයි.
ත්‍රී මුඛී නම් මහා බ්‍රහ්මයා අධිපති වෙයි.
චතූර් මුඛී මහා බ්‍රහ්මයා හා සරස්වතී දෙවඟන අධිපති වේ.
පංච මුඛී නම් පංච මහා දෙවිවරු වෙයි.
සය මුඛී කතරගම දෙවියන් අධිපතීත්වය දරයි.
සප්ත මුඛී මහා ලක්ෂ්මී දෙවඟනය.
අෂ්ට මුඛී ගණ දෙවිය.
නව මුඛී රුද්රාක්ෂය දුරුගා දෙවඟනය.
දස මුඛී හා දහනව මුඛී මහ විෂ්ණු දෙවියන්ය. එකොළොස් මුඛී රුද්රාක්ෂය ශ්‍රී හනුමාන්ය.
දොළොස් මුඛී රුද්රාක්ෂයට සූර්ය දිව්‍ය රාජයාද තෙලෙස් මුඛී රුද්රාක්ෂ ඉන්දු දෙවියන් ද
තුදුස් මුඛී රුද්රාක්ෂය රාම දෙවියන්ද
සොළොස් මුඛි රුද්රාක්ෂය මහා බද්‍රකාලි දෙවඟනද
දාහත් මුඛී රුද්රාක්ෂය විශ්ම කර්ම දෙවියන්ට ද අටළොස් මුඛී මිහිකත දේවියටද
විසි මුඛීරුද්රාක්ෂය විෂ්ණු හා ශිව දෙවිඳුන් ද
විසි එක් මුඛීරුද්රාක්ෂය මහා කුවේර දෙවිඳුන් ද අධිපති වෙයි.
රුද්රාක්ෂ දෙකක් බද්ධ වී ඇත්නම් මහා ශිව දෙවියන් හා පාර්වතී දෙවඟන අධිපති වෙයි. තුනක් එකට බද්ධව ඇත්නම් මහා බ්‍රහ්ම,විෂ්ණු හා ශිව දෙවිවරු තිදෙනාම අධිපති වෙයි.
පුද්ගලයෙකුගේ ජන්ම අංකය එක වූ විට ඒක මුඛී රුද්රාක්ෂයද,ජන්ම අංකය දෙක වූ විට ද්වි මුඛී රුද්රාක්ෂය ද ජන්ම අංකය තුන වූ විට පංච මුඛී රුද්රාක්ෂයද ජන්ම අංකය හතර නම් අෂ්ට මුඛී ද අංකය පහ නම් චතුර් මුඛී ද අංක හය නම් සය මුඛී ද හත නම් නව මුඛී ද අට නම් සප්ත මුඛී ද ජන්ම අංකය නවය නම් ත්‍රී මුඛී ද රුද්රාක්ෂ පැළදීම සුදුසු වන්නේය.
දශා අධිපතීන්ද සුබ පල දෙන රුද්රාක්ෂ
රවි ග්‍රහයාට ඒක මුඛීය.සඳුට ද්වි මුඛීය.කුජට ත්රිමුඛීය .බුධ චතුර් මුඛීය.ගුරුට පංච මුඛීය.සිකුරුට සය මුඛි ද ශනිට සප්ත මුඛී ද රාහුට අෂ්ට මුඛී ද කේතුට නව මුඛී ද සුබය.
ලග්න අනුව
මේෂ -ත්‍රි මුඛී
වෘෂභ -චතුරු මුඛී
මිථුන-සය මුඛී
කටක-ද්වි මුඛි
සිංහ -දොළොස් මුඛී
කන්‍යා-සප්ත මුඛී
තුලා-සය මුඛී
වෘශ්චික-පංච මුඛී
ධනු -දොළොස් මුඛී
මකර-සය මුඛී
කුම්භ-සප්ත මුඛී
මීන-ත්‍රි මුඛී රුද්රාක්ෂ
රුද්රාක්ෂ පාළඳීමේ සම්මතය
රුද්රාක්ෂ පැළඳීමේදී සිරුරේ විශේෂිත ස්ථාන ඇත.ඒ අතර හිස,අත,මැණික් කටුව,ගෙල,නළල,පපුව හා බාහුව විශේෂය.එම ස්ථානවලට රුද්රාක්ෂ පැළඳීමේ සම්මත ඇට ගණනක් ඇත.
හිසට රුද්රාක්ෂ මාලයක් පළඳින්නේ නම් ඒ සඳහා එක් රුද්රාක්ෂයක් පමණක් භාවිතා කරන්න.ගෙලෙහි රුද්රාක්ෂ මාලයක් පළඳී නම් රුද්රාක්ෂ ඇට 32ක් යොදා ගන්න.නළලේ නම් ඇට 40ක් භාවිතා කරන්න.පපුවට රුද්රාක්ෂ මාලයක් පළඳීනම් රුද්රාක්ෂ ඇට 108ක් භාවිතා කරන්න.අතට හෝ මැණික් කටුවට නම් ඇට දොළහකි.
නව ගුණවැල සඳහා ඇට 108ක් යොදා ගැනේ.
රුද්රාක්ෂ මාල පැළඳීමේ දී ජන්ම අංකයට,දශා හා අතුරු දශා වලට සරිලන රුද්රාක්ෂ වර්ග පමණක් යොදා ගැනීමෙන් තමන්ට මහත් සුබඵල උදාවනු නියතය.එසේ පළඳින රුද්රාක්ෂ අදාල ස්ත්රෝත්රවලින් හෝ සෙත් පිරිත්වලින් ජීවම් කරපළඳින්න.එවිට ඔබට ඇති සියලු දෝෂ,අපල දුරුවී සුබඵල දෙන ජිවිතයකට උරුමකම් කිව හැක.

ජ්‍යොතිෂවේදිනී
මංජුලා පුෂ්පාංගනී පල්ලෙබැද්ද
No comments:
Post a Comment