තාවකාලිකව නතර කරනු ලැබූ දෙහිවල සත්වෝද්‍යානයේ අලි රැඟුම් හැකි ඉක්මණින්
නැවත ආරම්භ කරන බව සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා පවසනවා.
සත්වෝද්‍යානයේ සිටි අලින්ට ක්‍ෂය රෝගය ඇතැයි යන සැකය හේතුවෙන් අලි රැඟුම්
නතර
කිරීමට බලධාරීන් මීට පෙර කටයුතු කළා. ඒ හේතුවෙන් සත්වෝද්‍යානයේ සිටි
අලින් 8 දෙනෙකුට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විවිධ පරීක්ෂණ සිදුකළා.
අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිට
සත්වෝද්‍යානයේ සිටින සියලූම අලින්ට ක්‍ෂය රෝගය නොමැති බවට පරීක්ෂණවලින්
තහවුරු වී ඇති බවයි.
දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද
සිල්වා හිරු ප‍්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ අලි රැඟුම් නතර කිරීම
හේතුවෙන් සත්වෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ද විශාල වශයෙන් අඩුවී ඇති බවයි.
No comments:
Post a Comment