පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍ර වේශය අයදුම්
නොඛළ ශිෂ්‍යාවක විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමේ සිද්ධියක්
සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්්‍ය රජීව
විජේසිංහ පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) කොළඹදී පැවැති
මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටිය අවස්ථාවේදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට
පිළිතුරු සපයමින්.
මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ
සභාපතිනියගේ පත්වීම දේශපාලන පත්වීමක් බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ
සමිති සම්මේලනය චෝදනා කරනවා.
එම සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල්
රංජිත් දේවසිරි මහතා ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදි පැවසුවේ ඇයට මෙම
තනතුරේ රැදී සිටීමට සදාචාරාත්මක සුදුසුකමක් නොමැති බවයි.
No comments:
Post a Comment