පුත්තලම අනුරාධපුර මාර්ගයේ (20) වන දින ගමන් ගනිමින් තිබූ බස් රථයක
පාපුවරුවෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලේ දැඩි
සත්කාර ඒකකයට ඇතුලත් කර සිටි කොන්දොස්තර වරයා සවස
මරණයට පත්වූ බව
පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසයි.
මෙසේ මරණයට පත්ව
ඇත්තේ අනුරාධපුර කොළඹ දුරගමන් සේවා පුද්ගලික බස් රථයක කොන්දොස්තර වරයෙකු
ලෙස සේවය කරමින් සිටි
පුත්තලම, සිරිම්බිඅඩිය, ආසිරිගම පදිංච් එක්දරු පියෙකු
වූ (25) ජේ.නුවන් චාමර නැමැත්තෙකු බව කියයි.
මෙම කොන්දොස්තරවරයා
සිරම්බිඅඩිය ප්‍රදේශයේ පිහිටි තම නිවසෙන් ඇදුම් බෑගය බිරිදගෙන් ලබා ගෙන
නැවත බස් රථයට ගොඩ වී මද දුරක් ගමන් කරමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට
මුහුණපා ඇති බව කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුණ එම
බස් රථයේ රියදුරා පොලිසියට පවසා ඇත්තේ කොන්දොස්තර වරයා මෙම අනතුර සිදුවන
අවස්ථාවේ පාපුවරුවේ ආරක්ෂිත ඇදි නොඅල්ලා සිටි බවත්, ඔහු දෑත් දෙකම උපයෝගි
කරමින් පැළදසිටි කලිසමේ ඉණපටිය සකස් කරමින් සිටි බවත්, එම අවස්ථාවේ වෙනත්
වාහනයකට ඉඩදීමට යාමේ දී බස් රථයෙන් කොන්දොස්ර වරයා බසයෙන් එළියට විසි වී
ගිය බව රථවාහන පොලිස් නිළධාරින්ට ලබා දී ඇති ප්‍රකාශයේ සදහන් වේ.
No comments:
Post a Comment