![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVDeflnX02q4fUXR2jEVOFqvb2Oq4FqAEOj6uJlcUyj5sRpr5D9vq4_4bWev_JQnqvJ2XEDH7XGvNlPSDKw5ETwKoHHt7vFWbCGO1YlK33QNEXirJ0zdMMYKVZGN69AlMqMphqWpAE0GcT/s1600/aw.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVDeflnX02q4fUXR2jEVOFqvb2Oq4FqAEOj6uJlcUyj5sRpr5D9vq4_4bWev_JQnqvJ2XEDH7XGvNlPSDKw5ETwKoHHt7vFWbCGO1YlK33QNEXirJ0zdMMYKVZGN69AlMqMphqWpAE0GcT/s1600/aw.jpg)
මිථුන - ක්‍රිෂ්ණ පිංගක්ෂාය හුම් කටකට- ගජ වක්ත්‍රාය හුම්
සිංහ - ලම්බෝධරාය හුම් කන්‍යා - විකට මෛවචාය හුම්
තුලා- විග්නරාජාය හුම් වෘශ්චික - දුමීර වර්ණාය හුම්
ධනු- බාල චන්ද්‍රාය හුම් මකර - විනායකාය හුම්
කුම්භ - ගජපතායේ හුම් මීන - ගජානනාය හුම්
පසුගිය දිනක මවෙත පැමිණි ගුරුවරියක් ඇයගේ පුතු පාසල් නොයන බව පවසමින් ඒ සඳහා
ප්‍රතිකර්මයක් ලබා දෙන ලෙසත්, දරුවා මනෝ වෛද්‍යවරයකුට පවා පෙන්වුව ද ප්‍රතිඵල නොලැබුණ බවත් පවසා සිටියාය.
දරුවාගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කර බලන විට, ප්‍රබල අයුරින් රාහුගේ දෝෂ පැවති බව දුටුවෙමි.
අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම සඳහා බලපාන ප්‍රධානතම ග්‍රහයා රාහුය. රාහුගේ දශාව උදා වීම, රාහු මන්ත්‍ර පදය හරහා ගමන් කිරීම හෝ මන්ත්‍ර පදය දැකීම මින් ප්‍රධානතම බාධාවක් වේ.
කේතු බාධක ජය ගැනීම සඳහා උපකාර කරන අතර රාහු ජන්මියාට බාධක ගෙන දේ. ඕනෑම කේන්ද්‍රයක නෛර්සිගික බාධක ග්‍රහයා ද රාහුය.
විශේෂයෙන්ම ශනි සහ රාහු සියලු ආකාරයේ පෙනෙන සහ නොපෙනෙන පීඩාවන් ලබා දේ.
සියලු ආකාරයේ බාධක සඳහා රාහු මෙන්ම ශනි මූලික වේ. රාහු තැන්පත් ස්ථානයෙන් සත්වැන්නේ කේතු අනිවාර්යයෙන්ම තැන්පත් වේ. එනම් රාහු ගේ ප්‍රතිවිරුද්ධ දිශෘවේ කේතු සිටී.
කේතු බාධක ඉවත් කරයි. කේතු ගණ දෙවියන් නිවේදනය කරයි. බාධක ඉවත් කරන යන අර්ථයෙන් ගන දෙවියන් විග්නේෂ්වර නමින් හඳුන්වයි. මේ දරුවාට ද එම දරුවාගේ කේන්ද්‍රයට අදාළ ගන දෙවියන්ගේ නාමය භාවිතා කරමින් “බාධක දමන මන්ත්‍රය” ගන දෙවි වන්දනාවකින් පසු කීමෙන් අපල දුරුකරගත හැකිවිය. මේ අයුරින් කටයුතු කිරීමෙන් පසු දරුවා නැවත පාසල් යාමට පටන් ගත් අතර මෙවර සාමාන්‍ය පෙල විභාගයට ද ඉදිරිපත් වේ.
‘බාධක දමන මන්ත්‍රය’ ඔබටත් සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් මෙහි පහත පලවේ. කේන්ද්‍රයේ කේතු තැම්පත් රාශියට අදාළ මන්ත්‍රය දිනපතා උදේ සවස භක්තියෙන් යුතුව කීරීමෙන් තමන්ට පවතින බාධක ඉවත් කර ගැනීමට හැකිවනු ඇත. මන්ත්‍ර කීමට පෙර ගනපති ස්ත්‍රෝත්‍ර කියා තමන්ට අදාළ බාධක දමන මන්ත්‍රය කේතු තැන්පත් රාශිය අනුව කිව යුතු වේ.
මෙහිද ගනපති ස්ත්‍රෝත්‍ර වශයෙන් පහත සඳහන් ස්ත්‍රෝත්‍ර කීම යහපත් වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
කිරින්දේ ඩී.ඒ. වික්‍රමසිංහ
No comments:
Post a Comment