දෙමව්පින් තම දරුවන්ගෙ ජන්ම පත්‍ර රැගෙන පැමිණ තම දරුවා
කුමන රක්ෂාවක්
කිරීමට සුදුසුදැයි අසයි.දරුවා අනාගතයේ වෛද්‍යවරයෙක්,ඉංජිනේරුවෙක් හෝ
වෙනත් රක්ෂාවකට සුදුසුද? යන්න ජන්ම කේන්ද්‍රයෙන් නිවැරදිව පෙන්විය හැක.
උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට ජන්ම පත්‍රයෙ මිථුන, කන්‍යා රාශි අධිපති බුධ හා
වෘශ්චික, මේෂ රාශි අතිපති කුජ බොහෝ උපකාර වේ.
ජන්ම පත්‍රයෙ දහවන රාශිය - පස්වන රාශිය එහි සිටින ග්‍රහයින්, එම ග්‍රහයින්ගෙ
බැල්ම ලබන ග්‍රහයින් නවාංශක කේන්දරය පැහැදිලි නිවැරැදි විස්තරයක් ලබා දෙනු
ඇත.අධ්‍යාපනය රාශියවන පස්වැන්නේ බලවත් ග්‍රහයින් සිටිය යුතුය. බුද - කුජ-
සිකුරු ප්‍රධාන තැනක් ගනු ඇත. නවාංශක අධිපතියාද රැකියාව තීරණය කිරීමේ දී
උපකාර වේ. දහවැන්න අධිපතියා සිටින නවාංශක අධිපතියාගෙ බලය ද සහාය වෙයි. ඉහත
සඳහන් ග්‍රහයින්ට සෙනසුරු ග්‍රහයාගේ සහයෝගය ද ලැබේ.
මා දැක ඇති ඉංජිනේරු වෘත්තියේ යෙදෙන්නන් බොහොම දෙනකු වෘෂභ- කන්‍යා - වෘශ්චික
රාශිවලය. ඔවුනට සෙනසුරුගේ බැල්ම ද ලැබී තිබිණ. වෛද්‍ය - නීතිඥ වෘත්තීනට යොමු
කරන ග්‍රහයින් අතර රවි හා ශනි ප්‍රධානතම තැනක් ගනු ලැබේ. බලවත් කුජ බොහෝ ශල්‍ය
වෛද්‍යවරුන්ගේ ජන්ම පත්‍රවල පිහිටා ඇත.
රවි සහ ශනි සංයෝගය, ශනි රවිගෙ සිංහ රාශීයෙ වීම ශනිගෙන් රවි 0 3 –07-010 සිටීම,
ශනිට හිමි කුම්භ හෝ මකරය 10 වැන්න වීම, ශනි තුලාවේ හෝ රවි මේෂ වීම. ඉහත සඳහන්
වෲතීන්වලට මඟ පාදනු ලැබේ.
1 ධනු ලග්නය වෛද්‍යවරයෙක් (ශල්‍ය අංශයෙ )
රවි ශනි එකට සිටියි
කුජ රවිගෙ රාශියෙ
2 වෛද්‍යවරයෙක් - මිථුන ලග්නයෙ
ශනිට කුජ පෙනේ
රවි, ශුක්‍ර සංයෝග වී ඇත. ලග්නාධිපතිට ශනි පෙනේ.
3 උච්ච ගුරුට ශනි දෙකේ
ස්වක්ෂේත්‍ර සඳු සමඟ ගුරු සංයෝග වී ඇත.
කථාවට ද දක්ෂ නීතිඥ මහත්මියකි.
4 දක්ෂ නීතිඥ
මහතෙකි
උච්ච ශනිට ස්වක්ෂේත්‍ර
ගුරු පෙනේ.
සතුරු, කරදර නඩුහබ ඇති වේ.
06 වැන්න උච්ච ශනි ස්වක්ෂේත්‍ර සිකුරු සමඟ ය.
මෙතුමා දක්ෂ නීතිඥයෙකි.
විවිධ ග්‍රහයින්ගේ බලපෑම අනුව රක්ෂාවක් තෝරාගනු ලැබේ. විශේෂයෙන් දෙවැන්න
අධිපති හය සහ දහය අධිපති රක්ෂාව පෙන්නුම් කරති. ග්‍රහයින්ගේ බලය, එම රාශි
අධිපතින්ගෙ බලය නවාංශක හා නවාංශක අධිපති බලය සොයා බැලිය යුතුය. වායු රාශි වන
මිථුන තුලා කුම්භ ඉංජිනේරු අංශයට බලවත් වේ. ගිනි රාශි වන මිථුන තුලා කුම්භ
ඉංජිනේරු අංශයට බලවත් වේ. ගිනි රාශිවන මේෂ - සිංහ - ධනු විදුලි හා තාප
ඉංජිනේරු අංහවලට බලවත් වේ. ගිනි රාශි වන මේෂ - සිංහ - ධනු විදුලි හා තාප
ඉංජිනේරු අංශවලට බලවත් වේ. ජල රාශිවන කටක- වෘශ්චික- මීන නාවික ක්ෂේත්‍රයට
බලවත් වේ. රාශි අනුව ද විවිධ රක්ෂාවල් කිව හැක.
මේෂ - රථවාහන - ට්‍රැක්ටර් කාර් සම්බන්ධව කර්මාන්ත
වෘෂභ - කෘෂිකර්මාන්ත -ප්ලාස්ටික් - කෘෂිකර්මාන්ත
මිථුන - ගුවන්විදුලි කාර්මික-රූපවාහිනී-ගුවන්සේවා-ඉලෙක්ට්‍රොනික්
කටක - ජලය ආශ්‍රිත රක්ෂා - නාවික - මුහුදු
සිංහ - ශුභ කුජට පෙනේ නම් රසායන, ශුභ බුධට පෙනේ නම් ගෘහ
නිර්මාණ ශිල්පය
කන්‍යා - ගොඩනැඟිලි - රසායන - ඉලෙක්ට්‍රොනික් - උමං
ධනු - විදුලි - ඉලෙක්ට්‍රොනික
කුම්භ/ මකර - පරිගණක - යාන්ත්‍රික - ඉලෙක්ට්‍රොනික්
මීන- මුහුදු - නාවික -ජීව විද්‍යාව
ජන්ම පත්‍රයෙ ග්‍රහයින් අංශක වශයෙන් ලියාගෙන පරීක්ෂාකර ඔවුන්ගෙන්
ස්වක්ෂේත්‍ර- උච්ච - මිත්‍ර - නීච - සතුරු වශයෙන් සලකා, ග්‍රහයින්ට පෙනෙන වෙනත්
ග්‍රහයින්ගේ තත්ත්වය ද සලකා බලා කෙනෙකුට නියමිත රක්ෂාව පෙන්නුම් කළ හැක. එම
පුද්ගලයා ගත කරන දශාවද, අනුදශාව ද මෙයට බලපානු ලැබේ.
No comments:
Post a Comment