මිථුනය රාශි චක්‍රයේ ශෘංගාරාත්මක අතින් ඉදිරියෙන්ම සිටින ලග්නයකි. යම් ස්ත්‍රියකගේ කේන්දරයේ සඳු තැන්පත් වන්නේ මිථුන රාශියේ නම් ඇය ඉතාම ශෘංගාරාත්මක තැනැත්තියකි. කවිය - ගීතය - සංගීතය සහ ප්‍රේමය ඇගේ ජීවිතයේ තේමාව බවට පත් වේ.
මැයට උපතින්ම පිහිටන්නේ වයසට නොයන රූමත් සිරුරකි. කොතෙක් වයස ගිය ද ලාබාල තරුණ යුවතියකට හිමි මුහුණක් උරුම වේ. අක් බමරුවන් නීල කේශ කලාපයක් ද, මුතු ඇට වන් දත් දෙපළක් ද නා දළු පරදවන දෙතොල් පෙති ද පිහිටයි. ඉතා මනමෝහනී ය එමෙන්ම ආදරණීය චරිතයකි.
කෙළිසෙල්ලමට තදින් ප්‍රිය කරන මැය ලිංගික ජීවිතය ද ක්‍රියාශීලී අවස්ථාවක් බවට පත් කර ගන්නේ ඊට විනෝදාත්මක අංගයක් ද එකතු කරමිනි. මෙවැනි කතක් සිටින තැන කිසිවකුට පාළුවක් නොදැනේ.
ජීවිතය ඉතා සැහැල්ලුවට ගන්නා මෙවැනි කාන්තාවන් හැසිරෙන්නේ කුඩා ළමයින් මෙනි. එහෙත් මිථුනයේ සඳු තැන්පත්ව සිටින කාන්තාව බුද්ධිමත්ය.තාර්කිකය. යමක් වහා අවබෝධකර ගත හැකි ශක්තියෙන් පොහොසත්ය. එහෙත් එකවර වැඩ කිහිපයක් බදා ගන්නා නිසා සියල්ල අවුල් කර ගනී. ප්‍රේම සබඳතා ද එසේමයි. සැකය සහ අනියත බිය නිතර සිතේ පවතී. කල්පනා සාගරයේ කිමිදෙන්නියකි. සිහින ලෝකයේ සැරිසරයි. එහෙත් ප්‍රිය සම්භාෂණ උත්සව
යනාදියෙහි ප්‍රධානත්වයට පත් වන්නේ නිරායාසයෙනි.
ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා තැන්පත් වන්නේ මිථුන රාශියේ නම් ඔබේ විවාහය ඉතා ප්‍රීතිමත්ය. නිතර නිතර තෘප්තියට පත් වේ. වෙහෙස නොදැනෙයි. සහකරු කෙරෙහි බැතිමත් වේ. ඔබ නිතර සුරතල් වීමට සහ තොරතෝංචියක් නැතිව කතා කරන්නට ඇබ්බැහි වූ චරිතයකි. කටේ පාලනයක් නැති නිසා අතිශය පෞද්ගලික දේ පවා විවෘතව කියා පෑමෙන් ප්‍රශ්න සාදා ගනී. දුර දිග නොබලා වචන භාවිතා කිරීමෙන් මිතුරන්ගේ අප්‍රසාදයට ලක් වේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgi5I8qAQpjNWNN6n3HPeY23WihN_HoHLOWL1_joEaVpg2ZXVR1N_LKz3DkuAMsIwX1SD3eku6mJUUtrku7INjkh3Ux-lO5QrmndwJP4IxXA7wAcbjIml55EKRbqP7bp72yd5-Ph2RlQXCA/s1600/30038-girl-with-flower-wreath-and-bouquet-.jpg)
එහෙත් ඔබ සත්‍යවාදී කාන්තාවකි. අනෙකා රිදවීමට ඇණුම්පද කීම ද ඔබේ විනෝදාංශයකි. පොත - පත කියවීම ද ඔබේ උත්පත්ති ගතියකි. හැබැයි අමතක වීම නම් බෙහෙත් නැති රෝගයකි. එමෙන්ම ඔබට කිසිවක් තනිවම කර ගැනීමට ද නොහැක. කාගෙන් හෝ තල්ලුවක් ඕනෑම කෙරේ.
ඔබ සෞඛ්‍යාරක්ෂාව සඳහා මුල් තැන දෙන්නියක වන අතරම දරුවන්ගෙන් සහ සැමියාගෙන් ද උපරිම පිරිසිදු බව අපේක්ෂා කරයි. එහෙත් සීමාව ඉක්මවා යන පරිදි පිරිසිදු වීම ද නොමනාය. සුදු මල්, ඇත් - අශ්ව යනාදී දේ නිතර සිහිනෙන් දකී. ඔබ සිහිනෙන් කතා කරන, සිනාසෙන සහ හඬනා කාන්තාවකි. සුළු දෙයටත් තැන ගනී.
ඔබේ ලොකුම දුර්වලකම වන්නේ කට පරෙස්සම් කර නොගැනීමය. අධික කතාව මෙන්ම අධික කෑම ද ඉතා අහිතකර බව සිතට ගන්න.
ජීවිතයේ මැදි වියේ දී දෙවැනි විවාහයකට හෝ විවාහයෙන් පිටත වෙනත් සබඳතා ඇති කර ගැනීමට බොහෝ ඉඩ තිබේ. එහෙත් ඔබ ආගම - දහමට ඉතා ලැදි තැනැත්තියකි.
කාන්තාවක නමුත් ඔබ තුළ දඟකාර කොලු පැංචෙක් ජීවත් වේ. කෙළි කවටකම් සඳහා මෙන්ම සුළු සුළු හොර වැඩට ද යොමු වන්නේ ඒ නිසාය. එහෙත් එය අහිංසකය. කිසිවකුට අවැඩක් කිරීම ඔබේ අරමුණ නොවේ.
ඔබ සමාජයේ ජනප්‍රිය සහ කැපී පෙනෙන චරිතයකි. නායකත්වයට නිතැතින්ම පත් වේ. සුරාවට සහ දුම්පානයට ඇබ්බැහි වීමේ ලක්ෂණ ඇති හෙයින් එවැනි දේ අත්හදා බැලීමෙන් සපුරා වැලකිය යුතුය. කෘතිම ආහාර, සීනි - තෙල් යනාදිය ඔබට මාරාන්තික බවත් මතක තබා ගන්න.
මාරියා සැන්ටෝස් අමෙරිකාවේ සිට
No comments:
Post a Comment