අත්ලෙන් කියවෙන ජීවිත රහස් චරිතය කියාපාන මහපට ඇඟිල්ල
විවිධ තරාතිරමේ පුද්ගලයන් අපට සමාජයේ දී දැක ගත හැක. ඉතා ධාර්මික, අහිංසක
මෙන්ම දාමරිකයින් ද ඒ අය අතර වෙති. ධාර්මික බව පෙන්වමින් හොඳ හිත පෙන්වන හොර
තක්කඩින් ද අද සමාජයේ බොහෝ
සිටිති. ඕනෑම පුද්ගලයකුගේ මහපට ඇඟිල්ල දෙස විමසිලිමත්ව බැලීමෙන් එම තැනැත්තාගේ නියම චරිත ස්වභාවය පිළිබඳව කල්තියා අවබෝධයක් ලබා ගත හැකි බව දන්නේද? මහපටැඟිල්ලේ අග පුරුක අනෙක් පුරුකට වඩා දිගින් වැඩි නම්, ඉතා යහපත් ලක්ෂණයක් වේ. එවැනි පුද්ගලයන් විශ්වාසයෙන් යුක්තව ඕනෑම කාර්යයකට එක්කර ගත හැක. ඉතා බුද්ධිමත්ව කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්නෝය. තම දියුණුවට නිරන්තරයෙන් කැප වී ක්‍රියා කරයි. මහපට ඇඟිල්ල අගපුරුක පළල්ව කුඩාවට පිහිටා තිබේ නම්,
තම මතයට අනුව කටයුතු කරයි. හිතුවක්කාර ගති ඇති අය වේ. මහපට ඇඟිල්ලේ දෙවන පුරුකත් පළමු වන පුරුකත් එක සමාන දිගින් යුක්තව එක සමාන මහතකින් යුක්තව පවතී නම්, අවංක භාවයෙන් යුක්තව කටයුතු කරන්නන් වේ. දෙවැනි පුරුක ගනව දිගින් ද වැඩි වී පවතී නම් නීතිය ඉටු කිරීමට දක්ෂයෝ වෙයි.
දෙවන පුරුක කුඩාවට පිහිටා තිබීමත්, සිහින් ව පිහිටා තිබීමත්, බුද්ධි මට්ටම පහල පුද්ගලයකු වේ. ඕනෑම කටයුත්තකදී එම කාර්ය පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කිරීම නිසා එම කාර්ය අතර මග නවතා දමයි. දෙවන පුරුක පළමු පුරුකට වඩා දිගින් වැඩි නම්,
හරි හෝ වැරදි වුව ද තම මතය නිවැරදිය යන මතයේම සිට කටයුතු කරන්නා වූ අයවේ. යම් ස්ත්‍රියකගේ මහපට ඇඟිල්ල මැද පුරුකෙහි තාරකාවක සළකුණක පවතී නම ඇය ධනවත් භාවයට පත් වනු ඇත. ආදරය සොයා යන කාන්තාවන් අමාරුවේ දමන පුද්ගලයන් සමාජයේ අනන්තවත් ඇත. මහපට ඇඟිල්ල දෙස බැලීමෙන් ද එවැනි වූ පුද්ගලයන්ව හඳුනා ගත හැකි වේ. මහපට ඇඟිල්ලේ තුන්වන පුරුක ප්‍රමාණයට වඩා උස්ව පිහිටා තිබේ නම්, කාමයෙන් යුක්තව හැසිරෙන අයකු වේ. යම් කිසි පුද්ගලයකුගේ මහපට ඇඟිල්ලේ නිය පොත්තෙහි සුදු පාට පුල්ලියක් පවතීද එම තැනැතතා කාන්තාවන්ට ලැදි කාන්තාවන් ඇසුර පතන අයකු වේ. මහපට ඇඟිල්ලහි නිය පොත්තෙහි කළු පාට පුල්ලියක් ඇත්නම්, එම තැනැත්තා හා ආදර සම්බන්ධතා පැවැත්වීමේ දී ඉතා කල්පනාකාරී විය යුතු වේ. කාන්තාවන් අමාරුවේ දමන කාමාතුර අය වේ.
මහපට ඇඟිල‍්ලේ අග පුරුක දෙස විමසිල්ලෙන් බැලීමේ දී සෘජු රේඛා දෙකක් ඇඟිල්ලේ මුල පුරුක දක්වා ගමන් කරයි නම්, එම තැනැත්තා ආදරය දක්වන අයට ආදරය කරන ආදර සම්බන්ධතා කිහිපයක් වුව ද පැවැත්විය හැකි අයකු වේ.
යමෙකුගේ මහපට ඇඟිල්ල මුල සිට අගටම එක සමානව නොනැමෙන සුළුව පවතී ද, ඔවුන් සමාජයට වැඩදායී ලෙස ජීවත් වන සමාජයට සෙත සලසන අය වේ.
මහපට ඇඟිල්ල ගොරෝසුව දිගින් අඩුව පවතී නම්, එම තැනැත්තා සම ආශ්‍රිත රෝගබාධවලින් පීඩා විඳී. තම දියුණුවත් තම පවුලේ දියුණුවත් පිළිබඳව නිතර කල්පනා කරන දියුණු වීම උදෙසා නීතියට පටහැනි වූ ක්‍රියාවන් ද කිරීමට පසුබට නොවන අය වේ. තම දියුණුව උදෙසා කටයුතු කිරීම හේතුවෙන් අවට සිටින අයට ආත්මාර්ථකාමියකු ලෙස ද පෙනෙනු ඇත. මහපට ඇඟිල්ල විශාල වීම යහපත් වේ. බුද්ධිය යොදවා කටයුතු කරන්නෙකු වේ. මෙවැනි අයට ඕනෑම වගකීමක් පැවරීමට හැකි වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
මෙලාන් වික්‍රමසිංහ

No comments:
Post a Comment