Wednesday, January 21, 2015

ආණමඩුව නිවසකට පැමිණි අමුත්තා

ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලය ආසන්නයේ නිවසකට (20) වන දින රාත්‍රියේ හදිසියේ පැමිණි කැබැල්ලෑවෙකු (ඈයා) අල්ලාගත් නිවැසියන් ඉතා ආරක්ෂිතව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබුණි.

කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලය ආසන්නයේ පිහිටි පී.එම්.නිමල් ඒකනායක මහතාගේ නිවසට මෙසේ කැබැල්ලෑවෙකු පැමිණ තිබූ අතර, ඔහු විසින් කැබැල්ලෑවා ඉතා ආරක්ෂිතව

boys mayam 21



යළිත් අලි සෙල්ලම්

තාවකාලිකව නතර කරනු ලැබූ දෙහිවල සත්වෝද්‍යානයේ අලි රැඟුම් හැකි ඉක්මණින් නැවත ආරම්භ කරන බව සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා පවසනවා. සත්වෝද්‍යානයේ සිටි අලින්ට ක්‍ෂය රෝගය ඇතැයි යන සැකය හේතුවෙන් අලි රැඟුම් නතර

නාමල්ගේ ලිපියකින් සරසවි ගිය තරුණියක් ගැන පරීක්ෂණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍ර වේශය අයදුම් නොඛළ ශිෂ්‍යාවක විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්්‍ය රජීව විජේසිංහ පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටිය අවස්ථාවේදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනියගේ පත්වීම දේශපාලන පත්වීමක් බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරනවා.
එම සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදි පැවසුවේ ඇයට මෙම තනතුරේ රැදී සිටීමට සදාචාරාත්මක සුදුසුකමක් නොමැති බවයි.

මහපට ඇඟිල්ලෙන් කියවෙන ජීවිත රහස්

අත්ලෙන් කියවෙන ජීවිත රහස් චරිතය කියාපාන මහපට ඇඟිල්ල

විවිධ තරාතිරමේ පුද්ගලයන් අපට සමාජයේ දී දැක ගත හැක. ඉතා ධාර්මික, අහිංසක මෙන්ම දාමරිකයින් ද ඒ අය අතර වෙති. ධාර්මික බව පෙන්වමින් හොඳ හිත පෙන්වන හොර තක්කඩින් ද අද සමාජයේ බොහෝ
සිටිති. ඕනෑම පුද්ගලයකුගේ මහපට ඇඟිල්ල දෙස විමසිලිමත්ව බැලීමෙන් එම තැනැත්තාගේ නියම චරිත ස්වභාවය පිළිබඳව කල්තියා අවබෝධයක් ලබා ගත හැකි බව දන්නේද? මහපටැඟිල්ලේ අග පුරුක අනෙක් පුරුකට වඩා දිගින් වැඩි නම්, ඉතා යහපත් ලක්ෂණයක් වේ. එවැනි පුද්ගලයන් විශ්වාසයෙන් යුක්තව ඕනෑම කාර්යයකට එක්කර ගත හැක. ඉතා බුද්ධිමත්ව

උපන් දවසේ තතු කියැවෙන කර්ම අංකය සොයා ගෙන ඉරණම දැන ගන්න

ඔබ කැමති අංකයක් කියන්නැයි කෙනෙකු කී විට අපි කැමති අංකය මේ යැයි කියමු.එමෙන්ම අප අකමැති අංකයන් ද තිබේ.
නිදසුනකට - අංක 7ට කැමති පුද්ගලයෝ අංක 3ට එතරම් ප්‍රිය නොවිය හැක. එහෙත් අප කැමැති වුවත් නැතත් උපතින්ම අපගේ දෛවය ගැන කියන ඉරණම් අංකයක් තිබේ.එය කර්ම අංකය යනුවෙන් හඳුන්වමු. මේ ලිපියෙන් ඔබේ කර්ම අංකය හඳුනා ගෙන අනාගතය කෙසේ වන්නේ දැයි බලන්න.

කර්ම අංකය හෙවත් Karmic Number ලබාගන්නේ යම් පුද්ගලයෙකුගේ උපන් දවස පදනම් කර ‍ගෙනය. උපන් දවසට අංක 1 සිට 31 දක්වා අගයන් අයත්ය. එම උපන් දවස තනි අංකයක් වනසේ එකතු කර කර්ම අංකය ලබා ගනී.
කර්ම අංකය තුළින් පුද්ගලයෙකුගේ ගතිගුණ සුබ මෙන්ම අශුභ කාල පරිච්ඡේද, පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය විවාහයට ලැබෙන

සියලු මිනිසුන්ට මහ ගුණ දෙන ශිව දෙවිඳුගේ මහිමෙන් උපන් රුද්‍රාක්ෂය

රුද්‍රාක්ෂ බීජය බො‍හෝ මිනි­සුන් අතර අධ්‍යා­ත්මික අතින් ප්‍රසිද්ධ බීජ­යකි.ඖෂධ ගුණ­යෙන් හෙබි රුද්‍රා­ක්ෂය විශ්මිත ශාක බීජ­යක් ද වේ.
ඉන්දි­යාව ටිබෙ­ටය ,තායි­ල­න්තය ,නේපා­ලය වැනි රට­වල හොඳින් වැ‍ඩෙන ශාක­යක් වන මේ ගසේ බීජය ශ්‍රීලං­කාවේ ද යම් පිළි­ගැ­නී­මක් ඇත.රුද්රාක්ෂ ශාකයේ හට ගන්නා බීජ රුද්‍රාක්ෂ බීජ වේ.මෙහි පොත්ත නිල් පැහැ­තිය.බීජයේ පොත්ත වියළී ගිය පසු මුහුණු හෙවත් මුහුණු දැක ගත හැකි වෙයි.බීජ­යක මුඛී එකේ සිට 21 දක්වා පිහි­ටයි. නමුත් මුඛී 29ක් ඇති දුර්ලභ රුද්‍රාක්ෂ ද කලා­තු­ර­කින් දැක ගත හැක.එසේම අසී­මිත මුඛී ඇති රුද්‍රාක්ෂ ද බීජ දෙක තුනක් එක‍ට බද්ධ වූ රුද්‍රාක්ෂ ද දැක ගත හැකි විරළ අවස්ථා නැතුවා නොවේ.

රුද්‍රාක්ෂ බිජයේ ඉති­හා­සය
ශිව දෙවි­යන් භාවනා යෝගීව සිටින විට ඇසුණු මිනි­සුන් ගේ දුක් අඳෝනා හේතු­වෙන් සිතේ ඇති වූ මහා දුකට ශිව දෙවි­යන්ගේ ඇසින් මහ පොළ­වට වැටුණු කඳු­ල­කින් රුද්‍රාක්ෂ ගස බිහි වූවා යැයි පුරා වෘත්ත­යක් වෙයි.මේ රුද්‍රාක්ෂ බීජය‍ට ශිව දෙවි­යන්ගේ ආක­ර්ෂ­ණය ,බලය හා ආශි­ර්වා­දය නොඅ­ඩුව හිවි වන බව මිනි­සුන් ගේ මත­යයි.එනිසා රුද්‍රාක්ෂ බීජ­යට ලෙඩ සුව කිරීමේ මහා බල­යක්

දෙනෙත කියවා හදවත තේරුම් ගන්න

වියළි ඇස් ඇත්තිය මිතුරන් පාවාදෙන සුළුය

දෙනෙත කියවා හදවත තේරුම් ගන්න


දිගටි රතුවන් නෙත් ඇත්තියට උණුසුම් සිරුරක් ඇත
ඇස හදවතේ ප්‍රතිබිම්භයයි.හදවතේ ඇති දේ දෙනෙතින් කියැවේ.එහෙයින් දෙනෙත කියවිය හැකි නම් ඔහුගේ ‍හෝ ඇයගේ හදවත

Tuesday, January 20, 2015

මේද තට්ටු දියකර හැරීමට ස්ථානික ප්‍රතිකාර අවශ්‍යයි

සම එල්ලා වැටීම බොහෝ කාන්තාවන්ගේ ගැටලුවක් බවට පත්ව තිබෙන තත්ත්වයත්. බොහෝ විට තරබාරුවත් සමඟ සිරුරේ මස්පිඬු එල්ලා වැටීමක් සිදුවිය හැකියි. තරබාරු අය අතර මෙය බහුලයි. තරබාරුව කියන්නේ අප තරාදියකින් බර මනිද්දී වන බර වැඩිවීම පමණක් නෙමෙයි. සමහර අවස්ථාවල බර සාමාන්‍ය අගයක තිබියදී පවා කෙනකුගේ මුහුණේ යට කොටස මහත් වීම එනම් ඩබල්චින් කියන තත්ත්වයක් අත්වල බාහු ප්‍රදේශය මහත් වීම උදරය, කලවා එල්ලා වැටීම විශේෂයෙන් තට්ටම් ප්‍රදේශය එල්ලා වැටීම පියයුරු එල්ලා වැටීමේ ස්වභාවයක් ඇතිවිය හැකියි.
මේද තට්ටු දියකර හැරීමට ස්ථානික ප්‍රතිකාර අවශ්‍යයි
එවන් අය මහත කෙනෙක් හැටියට දකින්න පුළුවන්. මේ සියල්ලටම හේතු වන්නේ අපේ සමට යටින් තිබෙන තෙල් ස්ථරයයි.
එය ...... අවශ්‍යයි. උෂ්ණත්වය පාලනය කිරීම මෙන්ම මාංසපේශීන්ට දැඩි බවක් ලබා දීමටත් මෙම සමට යටින් තිබෙන තෙල් ස්ථරය වැදගත් වනවා. කෙනකුගේ ආහාර රටාවේ වැරැදි, විහරණ රටාවේ වැරැදි, චර්යා රටාවේ වැරැදි නිසා මෙම තෙල් ස්ථරය ටිකින් ටික විශාල වීමට පත්වනවා. ඝනකම වැඩිවනවා.
එමෙන්ම තෙල් ස්ථරය තිරවීමකට නැත්නම් දිය නොවීමේ තත්ත්වයකට පත්ව ස්ථිර මේද තට්ටුවක් බවට පත්වනවා. ශරිරයේ අප සඳහන් කළ ස්ථානවල මහත්වීම සහ එල්ලා වැටීමේ ස්වභාවය ඇති වන්නේ එම නිසයි.
* මෙයට බලපාන හේතුන් මොනවාද?
විශේෂයෙන් අප කලින් කීවාක් මෙන් පිටි තෙල් සීනි අධික ආහාර, කෘතිම ආහාර නිතර නිතර ගැනීම සහ ගන්නා ආහාර නිසි ආකාරයට දහනය නොවීම, ව්‍යායාම අඩුබව හේතුවක්. ව්‍යායාම අඩුවීම කියන්නේ අප ගන්නා දේවල් දහනය වීමකට ලක් නොවීමයි. මෙහිදී සිදු වන්නේ ශරීරයේ ඒ ඒ ස්ථානවල තැන්පත් වීමයි.
අද වැඩි දෙනෙක් හුරුවී තිබෙන්නේ කාලා බීලා එකතැන වාඩි වී සිටීමටයි. එම තත්ත්වයත් සමඟ අප ගන්නා ආහාරවල ඇතිවන තෙල් ස්ථරයක් බවට පත් වෙලා උදරය කලවා තට්ටම් ගෙල ආශි‍්‍රතව තැන්පත් වීමකට ලක් වනවා.
* මෙයට සිදු කෙරෙන ප්‍රතිකර්ම පිළිබඳව විමසා බැලුවොත්?
බර අඩු කිරීමේ ප්‍රතිකර්ම දැන් බොහෝමයක් තිබෙනවා. සාමාන්‍යයෙන් බර අඩු කිරීමට

රුව රැකදෙන ගුණය කහ සහ කිරිවල අඩංගුයි

ඈත අතීතයේ සිටම අපේ රටේ පැරැන්නන් දේශීය දේවල්, ස්වාභාවික දේවල් යොදාගෙන රෝග සුවකර ගැනීමට හා රුව අලංකාර කර ගැනීමට පෙලඹී තියෙනවා. මේ අතරින් කහ සහ කිරි විශේෂයි. කහ සහ කිරි කියන්නේ ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙනත් රටවල අය පවා ස්වාභාවිකව යොදාගත් අමුද්‍රව්‍ය වේ.

 

ප්‍රේම විජිතය සුන්නද්ධූලි කරන පොරොන්දම් බෝම්බයට බිය නොවෙමු

ඇත්ත දැනගන්න මේ ලිපි පෙළ කියවන්න

ආදරයෙන් බැඳෙන පෙම්වතියක් හා පෙම්වතෙක් කිසිවෙකුටත් බිය නොවී අපි අත ගන්නෙමු යැයි නිර්භීතව කියා සිටියද පොරොන්දම් බලන්න ගිය විට අවසන් ප්‍රඵිපලය කෙසේ වේදැයි බියෙන් සසල වෙති.ඇතැම් විට
වසර හත අටක ප්‍රේම පුරාණයක් පොරොන්දම්

යහපාලනයේ වෙනස ජනතාවට දැනෙනවා

වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙළ, නව දේශපාලන පෙරැළියත් සමඟ මෙරට දේශපාලනයේ දිශානතිය කෙසේ වේද යන්න පිළිබඳ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි.
* යහපාලනය හා සුපිරිසුදු දේශපාලනයක් වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රබල ජන බලයක් ලැබුණත් මේ ජනාධිපතිවරණ සටන මෙහෙයවනු ලැබුවේ විවිධ බාධා හා දුෂ්කරතා මැදයි. මේ ජයග්‍රහණය පිළිබඳ ඔබේ තක්සේරුව පැහැදිලි කළ හැකි ද?
රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම බිඳවැටෙන තැනකයි තිබුණේ. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ, යහපාලනයේ මුර බල්ලන් විදිහට හඳුනන ජනමාධ්‍යවේදීන්ට ප්‍රබල විදිහේ තර්ජන ගර්ජන එල්ල වුණා. මාධ්‍ය ආයතනවලට තර්ජන ගර්ජන එල්ල වුණා. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහමුලින්ම කප්පාදු කළා. රාජ්‍ය බලය නින්දිත විදිහට භාවිතා කිරීමට කටයුතු කළා.
රාජ්‍ය නිලධාරීන්ගේ බලය, හමුදා ශක්තිය, පොලිසියේ ශක්තිය, ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ශක්තිය රාජපක්ෂ පවුල ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවයි කටයුතු කළේ. රාජපක්ෂ යුගයේදී රට අයාලේ යන තැනකටයි පත්ව තිබුණේ. ඇත්තෙන්ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු මෙරට සෞභාග්‍යමත් දේශයක් බවට පත්කිරීමට ඉතාමත් වැදගත් අවස්ථාවක් තිබුණා. ඒත් අවාසනාවන්ත විදිහට මේ අවස්ථාව ගිලිහී ගියා.
ඒකට හේතු වුණේ මේ සියල්ල අමතක කර මමත්වය මූලික කරගෙන, හිටපු පාලකයන් කටයුතු කිරීමයි. දුෂ්ට පාලන ක්‍රමයත්, මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කල්ලියත් දේශපාලන වශයෙන් පරාජය වී තිබෙනවා. එය දේශපාලන පරාජයක්

විලියම්සන්ගේ ශතකයෙන් නවසීලන්තය සිවුවැනි තරගය ජයගනී සංගක්කාරගෙන් වාර්තාවක්

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් සිය එක්දින තරග දිවියේ 5වැනි ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ නෙල්සන් නුවර සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි තරගයෙන් කඩුලු 4ක ජයක් නවසීලන්තයට හිමිකර දීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම පන්දු 3ක් ඉතිරිව තිබියදී ලකුණු 276කට බිඳ වැටුණු අතර නවසීලන්තය ඕවර 48.1කදී කඩුලු 6ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. ඒ අනුව තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකිවිය.
විලියම්සන්
තිලකරත්න ඩිල්ෂාන් සමග ඉනිම ඇරැඹූ දිමුත් කරුණාරත්න ලකුණු 5ක් ලබා සිටියදී ටිම් සවුති යැවූ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවී දැවීයාමෙන් පසුව පිටියට පැමිණි කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ලට ලකුණු 102ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගුවේය.
ලකුණු 44ක් ලබා සිටියදී ඩිල්ෂාන් දැවීගියේ විලියම්සන්ගේ පන්දුවකට මාටින් ගප්ටිල් අතට උඩපන්දුවක් ලබාදීමෙනි. අනතුරුව සංගක්කාර හා එක්වූ මහේල ජයවර්ධන තුන්වැනි කඩුල්ලට ලකුණු 67ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය.



හිටපු ජනපති මහින්ද දළදා සමිඳු වැඳ මහා නාහිමිවරු බැහැ දකිති

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු අස්ගිරි මහා විහාරවලට ගිය හිටපු ජනපතිවරයා උන්වහන්සේලා සමඟ පැයක

ස්වර්ණවාහිනී ‘මුල් පිටුව’ වැඩසටහනින් බන්දුල පද්මකුමාර ඉවතට


 ස්වර්ණවාහිනී ආයතනය උදෑසන පුවත්පත් කියවීමේ වැඩසටහනක් ලෙස මෙතෙක් පවත්වා ගෙන ආ මුල් පිටුව නැමැති වැඩසටහන ඉදිරිපත් කළ බන්දුල පද්මකුමාර මහතා එයින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ආයතන ඔස්සේ ඉදිරිපත් කෙරෙන අදහස් පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

‍ඉහළින් පැමිණි

2015 අලුත් අවුරුද්ද ඔබට කොහොමද?


දෛවය 
මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී

නිශාන්ත පෙරේරා මහතා

ඉදිරිපත් කරයි.

මේෂ ලග්නය

2015 වසරේ මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති බලවත්වත් යෝගකාරක බ්‍රහස්පති උච්ච බලයෙන්, හංස නමැති පංච මහා පුරුෂ යෝගයකින් මේ අලුත් අවුරුද්ද උදා වී තිබෙනවා. මුල්‍ය ශක්තියට ඉතාමත් ශුභයි. කරගෙන ආ කටයුතු වලත්, කිරීමට බලාපොරොත්තු වන කටයුතු වලත් සාර්ථකත්වය බලාපොරොත්තු විය හැකියි. දේශයෙන්, ජාතියෙන්, ආගමෙන් පිටස්තර අයගෙන් සිදුවන ගනුදෙනු වලින් නම් වැඩිපුර වාසි සිදු වේ. එමෙන්ම තමන්ගෙන්ම උදව් උපකාර ගත් අයගෙන් කරදර බාධක සිදු විය හැකි නිසා බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. පදිංචි ස්ථාන ආශ්‍රිතව වෙනස් වීම් සිදු විය හැකියි. බොහෝ විට නව නිවාස ඉදි කර ගන්න තමන් බලාපොරොත්තු වූ නිවාස වලට ගෙවදීමට සුභයි. එය වාසනාව ගෙන දෙයි. ගෙදරට යම් කොටසක් එකතු කිරීමට බලාපොරොත්තුවක් තිබුනානම්

බිරිදගෙන් ගත් ඇදුම් බෑගයද රැගෙන කොන්දොස්තර අවසන් ගමන් යයි.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ (20) වන දින ගමන් ගනිමින් තිබූ බස් රථයක පාපුවරුවෙන් බිමට ඇද වැටී  බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටි කොන්දොස්තර වරයා   සවස 
මරණයට පත්වූ බව පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අනුරාධපුර කොළඹ දුරගමන් සේවා පුද්ගලික බස් රථයක කොන්දොස්තර වරයෙකු ලෙස සේවය කරමින් සිටි

නර්ගීස් සේක්ස් කරන්න අකමැති කවුරු එක්කද ?

වර්තමාන බොලිවුඩ් සිනමාවේ වඩාත්ම සාර්ථකව නැඟී එන නිළිය ලෙස සිනමා විචාරකයන් නර්ගීස්ව හඳුන්වන්නේ ඇය රඟපෑ චිත්‍රපට සියල්ලම අතිසාර්ථක වූ නිසයි. පසු ගිය දිනක නර්ගීස් Koffee With Karan වැඩසටහනට සහභාගි වුනා.එහිදී කරන් ඇයගෙන් ඇසුවා පිරිමි ඇයව පොලඹවා ගන්න හදලා තියෙනවද? කියලා.

ජනප්‍රිය නිළි නර්ගීස් එකට දුන්නේ මෙන්නේ මේ වගේ උත්තරයක්

" මට හුඟාක් පිරිමි යාළුවෝ ඉන්නවා. එයාලා ගොඩක් සෙක්සි. ඒත් එයාලා මට මුලින්ම Try කරනකොටම මම කියනවා ඔයා මගේ යාළුවෙක්. මට ඔයාගෙන් සේක්ස් එපා ප්ලීස් කියලා."

මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවස පරීක්ෂා කරයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි කාල්ටන් නිවස

 පොලිසිය විසින් පරීක්ෂාකොට

දැයට කිරුළ ප්‍රදර්ශනය නවතයි

දැයට කිරුළ ප්‍රදර්ශනය නවතයි

‘‘මං ලකී’’

ස්වාධීන රූපවාහිනියේ මේ දිනවල විකාශය කෙරෙන රිතූ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් සමඟ රංගනයට පැමිණ සිටින ඇය පියුමි හංසමාලිය. එහි ශ‍්‍රියන්ත මෙන්ඩිස් සහ නිරෝෂා හේරත්ගෙ දියණිය ලෙස රඟපාන මේ පියුමි කවුද? අද සැඳැල්ල කතා බහ හැඩ කරන්නේ ඇයයි.

01”පියුමි” ඔබට පියෝ කියලත් කියනවා නේද? යාළුවෝ පියෝ, පියෝ කියලා තමයි කතා කළේ. ඒත් දැන්

”ආදර වැස්සේ” තෙමෙන්නට හදන නතාෂා

බැලූ බැල්මට ඇය නම් පිටරටක සිටින තරුණියකැයි කියා ඔබ හිතාවි. නමුත්, මේ සුරූපී තරුණිය පිටරටක කෙනෙක් නම් නොවෙයි. එදා අවුරුදු 13 ක් පමණ කාලයේදී ”සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” ගීතය ගැයූ නතාෂා පෙරේරාය. පසුගිය කාලයේදී නතාෂා බොහෝ ගීත ගායනා කර නොතිබුණද, අදටත් ඇය ගැන බොහෝදෙනා කතා කරන්නේ මේ ”සුළඟක් වී” ගීතය නිසාය. එදා පුංචි සුරංගනාවියක ලෙස පැමිණ ඒ අපූරු ගීතය ගැයීමට දායකවූ නතාෂා අද සූදානම් වන්නේ ”ආදර වැස්සේ”
තෙමෙන්නටලූ? මොකක්ද මේ ආදරවැස්ස? ඒ ගැන සහ නතාෂාගේ ජීවිතයේ නවමු තොරතුරු ගැන කියන්නට ඇය සඳැල්ල කතාබහ හැඩකළ විදියයි මේ.




0101 ”නතාෂා” හැබෑටම ඔබගෙ ඒ නාමයෙහි තේරුම මොකක්ද?
ජේසුතුමාගේ උපත කියන එක.
 

0101 නතාෂා විතරද නම?

Up coming actor Dinakshie Priyasad New Photo Shoot

Up coming actor Dinakshie Priyasad New Photo Shoot
>https://www.youtube.com/watch?v=evOb9LWgMxU
 sweet angel dinakshi priyasad

Sanka -Teena 3rd Wedding Anniversary & Housewarming Party


පිරිමි වර්ග හතරයි ඔබ කැමති කාටද? ශශ පුරුෂයා කලාකාමියෙකි

ලොව ජිවත්වන සියලු පුරුෂයින් දේහ ලක්ෂණ විද්‍යාවේ වර්ග හතරකට බෙදා දක්වයි. එනම් ශශ,මෘග, වෘෂභ හා අශ්ව ලෙසිනි. මොවුන්ගේ චරිත ස්වභාවය,ගතිගුණ හා හැඩරුව අනුව එකිනෙකාගෙන් මනාව වෙන්කර හඳුනාගත හැක. මින් ශශ හා මෘග පුරුෂයන් සුබ ලෙස ද අනෙක් දෙදෙනා අසුබ ලෙස ද සැලකේ.
සුබ අසුබ බව පෙන්වා දී ඇත්තේ විවාහය සමඟය.
බාහිර පෙනුමෙන් ඔවුන් හඳුනා ගන්නා අයුරු මෙසේ විස්තර කෙරේ.

ශශ පුරුෂයා
මුහුණ වටකුරුය.දෑස් රතු පැහැ ගනී.හිඩැස් නැති මනාව පිහිටි

ඔබ ලොකු ළමයකු වූ දවස මතකද?

දැරියක් යුවතියක් වන්නේ මල්වර වීමෙන් පසුවය.යුවතියක් මවක් බවට පත් වන්නේ ද මල්වර වුවහොත් පමණි. නාරි ජ්‍යොතිෂයේ දී කාන්තාවකගේ දෙවැනි උපත ලෙස මල්වර වීඹ සලකන්නේ මේ නිසාය. ඔබ මල්වර වූ දිනය මතකද? එය මතක තිබේ නම්

දහයේ බලය තීන්දු කරන ඔබේ රැකියාව

දෙමව්පින් තම දරුවන්ගෙ ජන්ම පත්‍ර රැගෙන පැමිණ තම දරුවා

තැල්ල බඳින්නට නම් බෙල්ල බේරා ගත යුතුය ගෙලේ හැටියෙන් කියන ජීවිතේ හැටි

තැල්ල බඳින්නට නම් බෙල්ල බේරා ගත යුතු යැයි ජනප්‍රිය කියමනක් පවතී.ස්ත්‍රියක විෂයෙහි නම් ගෙල සහ විශේෂයෙන්ම ගෙල දෙපස නිර්මාණය වී පවතින්නේ අධි සංවේදී ස්ථාන දෙකක් ලෙසිනි.මේ තුළ හැඟීම් පුබුදුවාලීමේ මහා බලයක් සැඟව

මිථූනයේ සඳු තැන්පත් කත ශෘංගාරයේ උල්පතකි

ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ ‍තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගන්න. ලග්නයට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශියයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්; ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට ‍මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.

මිථුනය රාශි චක්‍රයේ ශෘංගාරාත්මක අතින් ඉදිරියෙන්ම සිටින ලග්නයකි. යම් ස්ත්‍රියකගේ කේන්දරයේ සඳු තැන්පත් වන්නේ මිථුන රාශියේ නම් ඇය ඉතාම ශෘංගාරාත්මක තැනැත්තියකි. කවිය - ගීතය - සංගීතය සහ ප්‍රේමය ඇගේ ජීවිතයේ තේමාව බවට පත් වේ.

මැයට උපතින්ම පිහිටන්නේ වයසට නොයන රූමත් සිරුරකි. කොතෙක් වයස ගිය ද ලාබාල තරුණ යුවතියකට හිමි මුහුණක් උරුම වේ. අක් බමරුවන් නීල කේශ කලාපයක් ද, මුතු ඇට වන් දත් දෙපළක් ද නා දළු පරදවන දෙතොල් පෙති ද පිහිටයි. ඉතා මනමෝහනී ය එමෙන්ම ආදරණීය චරිතයකි.
කෙළිසෙල්ලමට තදින් ප්‍රිය කරන මැය ලිංගික ජීවිතය ද ක්‍රියාශීලී අවස්ථාවක් බවට පත් කර ගන්නේ ඊට විනෝදාත්මක අංගයක් ද එකතු කරමිනි. මෙවැනි කතක් සිටින තැන කිසිවකුට පාළුවක් නොදැනේ.

ජීවිතය ඉතා සැහැල්ලුවට ගන්නා මෙවැනි කාන්තාවන් හැසිරෙන්නේ කුඩා ළමයින් මෙනි. එහෙත් මිථුනයේ සඳු තැන්පත්ව සිටින කාන්තාව බුද්ධිමත්ය.තාර්කිකය. යමක් වහා අවබෝධකර ගත හැකි ශක්තියෙන් පොහොසත්ය. එහෙත් එකවර වැඩ කිහිපයක් බදා ගන්නා නිසා සියල්ල අවුල් කර ගනී. ප්‍රේම සබඳතා ද එ‍සේමයි. සැකය සහ අනියත බිය නිතර සිතේ පවතී. කල්පනා සාගරයේ කිමිදෙන්නියකි. සිහින ලෝකයේ සැරිසරයි. එහෙත් ප්‍රිය සම්භාෂණ උත්සව

අධ්‍යාපනයේ විශිෂ්ට ප්‍රතිපල ලබන්න මේ මන්ත්‍ර කියවන්න


මේෂ - වක්‍රතුණ්ඩාය හුම් වෘෂභ- ඒක දන්තාය හුම්
මිථුන - ක්‍රිෂ්ණ පිංගක්ෂාය හුම් කටකට- ගජ වක්ත්‍රාය හුම්
සිංහ - ලම්බෝධරාය හුම් කන්‍යා - විකට මෛවචාය හුම්
තුලා- විග්නරාජාය හුම් වෘශ්චික - දුමීර වර්ණාය හුම්
ධනු- බාල චන්ද්‍රාය හුම් මකර - විනායකාය හුම්
කුම්භ - ගජපතායේ හුම් මීන - ගජානනාය හුම්

පසුගිය දිනක මවෙත පැමිණි ගුරුවරියක් ඇයගේ පුතු පාසල් නොයන බව පවසමින් ඒ සඳහා

2015 හොඳ ද ? නරක ද ? උපන් ලග්නයෙන් දැන ගන්න

දෙදහස් පහළොව ජනවාරි පළමු වැනි දා නව වසර උදාවන්නේ පෙරවරු 06.22 ටය. ඒ වන විට “ලුම්බක” යෝගය ක්‍රියාත්මක වෙයි. කැති නැකත දිනය පුරා උදා වී පවතින අතර සියලුම දෙනා තම ප්‍රඥා ලෝකය

දල්වා ගෙන කටයුතු කළ මොහොතක් බව පෙනී යයි. පොදුවේ මේ වසර ගත් කළ අභි‍යෝග බාධක සහ තියුණු තරගකාරීත්වයක් මැද සියලු ජන්මීන්ට තම කටයුතු ඉෂ්ට සිද්ධ කරගැනීමේ අපූරු ග්‍රහ ගෝචරයක් මතුව පවතින්නේය. මෙතැන් සිට ඔබ උපන් ලග්නයට 2015 නව වසර සුබ අසුබ පල විපාක ගෙන දෙන්නේ කෙසේදැයි විමසා බලමු.

නව වසරක උදාවීම හෝ සූර්ය මාසයක උදාවීම ලුම්භක යෝගයෙන් සිදුවුවහොත් මානසික විකෘති කිරණ දුමාරයකින් විශ්වය වෙළා ගනු ලබන්නේය.‍ 2015 වසර ද එවැනි වසරක් වන බැවින් මතුවිය හැකි අවදානමෙන් මිදීමට ඔබ කල්තියාම සැලසුම් සකස් කර ගත යුතුයි. කොහොමද මේක කරන්නේ? කළ යුත්තේ ධනවේගාත්මක මානසිකත්වයක් ඇති කර ගැනීමයි. https://www.youtube.com/watch?v=hFev85igiX8

දෙදහස් පහළව වන විට නැති අය ඇති අය බවට පත්කිරීමටත් බැරි අය පුළුවන් අය බවට පත් කිරීමටත් ලුම්භක යෝග ශක්තිය ඉස්මතු වී ඊර්ෂ්‍යාකාරී බීජ වපුරනවා ඇත.
මිනිස්සු උත්සාහයෙන් ඉගෙන ගනී. මුදල් හම්බ කිරීමට දිවා රෑ වෙහෙසේ. ඒක කාටවත් පේන්නෙ නැත. අසල්වාසියාට දකින්න පුළුවන් වන්නේ ඒ කටුක උත්සාහය ප්‍රදර්ශනය වීම පමණි‍‍. එනම් යාන වාහන පාවිච්චි කිරීම, ගොඩනැගිලි ආදිය ඉදිකිරීම දර්ශනය වීමයි. අන්න එතකොටයි ඊර්ෂ්‍යාව කියන යක්ෂයා හදවත තුළ සැඟවී සිටියා ඇති කියා එළියට පනින්නේ.

එතකොට පෘතග්ජනයා ඇති හැකි සමාජයට වෛර කරයි. ඒ වෛරය කෝපයකට පෙරළේ. ඒ කෝපය විසින් විනාශකාරී ක්‍රියාවන්ට මිනිසා පොළඹවයි. එහිදී ඔවුන් විසින් ගෙනෙන තර්කවලට බොහෝ පෘතග්ජනයින් කොටුවෙයි.

අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන

මේෂ ලග්නය
ධන උල්පත් මතුවේ
2015 නව වසර ඔබට උදාවන්නේ නව උද්‍යෝගයක් ද රැගෙනය. ඔබේ චිත්ත ස්ථානාධිපතියා ලග්නයේ තැන්පත් වෙද්දී ගුරු ග්‍රහයා පුණ්‍යස්ථානාධිපතියා වශයෙන් සිව්වැන්නේ තැන්පත්වීම නිසා එවැනි පරිසරයක් නිර්මාණය වනු ඇත.
ධනය - ධනය උපයා ගැනීමට නිරවුල් බුද්ධිය අවශ්‍යය. එසේ ඔබට චිත්ත ශක්තියක් ඇති කර දෙවනවා වාගේම නව ධන උල්පත් මවා දෙන්නට ද පසුබිම් සැලසෙන්නේය. ඊට හේතුව ලග්නාධිපතියා දෙවැන්නාධිපතියා සමඟ යෝග වී සිටීමය.

රැකියාව - තවද ඔබ රැකියාවක නියුතු නම් උසස්වීම් ද ලැබෙන වසරකි. රැකියා විරහිත කෙනෙකු නම් රැකියාව ලැබෙන වසරකි. ඊට හේතුව ලග්නාධිපතියා දෙවැන්නාධිපතියා සමඟ දහවැන්නේ සංයෝග වෙද්දී නවවැන්නාධිපතියාගේ දෘෂ්ටිය ලැබීම සහ සිව්වැන්නාධිපතියා වන චන්ද්‍රයා ලග්නයේ සිට දෘෂ්ටි එල්ල කිරීමය. තවද ඔබට පෙර සංසාරගත කුසලය උත්පාදනය වන වසරක් බවට ද මෙම වසර පත් වෙනවා ඇත. ඊට හේතුව නවවැන්නාධිපතියා වන ගුරු විසින් දසවැන්නාධිපතියා වන සෙනසුරුට ‍දෘෂ්ටි එල්ල කර තිබීමයි. මේ නිසා සෙනසුරු විසින් මවා තිබෙන ගෝචර ද්විත්ව ඒරාෂ්ඨක බලයකු හීන කරනු ඇත.

අධ්‍යාපනය - ඔබේ නිරවුල් බුද්ධිය ඇති වෙනවා වාගේම ධාරන ශක්තිය වැඩි වර්ධනය කර උගතෙකු බවට පත් වීමට පසුබිම් සැලසෙනු ඇත. ඊට හේතුව වන්නේ පස්වැන්නාධිපතියා බුධ සමඟ නවවැන්නේ දී යෝග වී සිටීමය. ඒවාගේම චිත්ත ස්ථානයේ ගුරු තැන්පත්වීම නිසා යහපත් අදහස් උදහස් මතුකෙරෙනවාද ඇත.

සුපරික්ෂාකාරී විය යුතු ක්ෂේත්‍ර - ඔබ උත්පත්තිය ලබා සිටින්නේ සිත හෝ දෙනට යන නැකතකින් නම් ‍ෙම් වර්ෂය ඔබ ඉතාමත් ම පරිස්සම් විය යුතු වර්ෂයකි. ඒ කුමකින්ද යත් නීති අංශවලිනි. නීති විරෝධී කටයුත්තක ඔබ නොයෙදීමට වගබලා ගත යුතුයි. විශේෂයෙන් ආරවුල්වලට මැදිහත්වීමෙන් ද වළකින්න‍. 2015 වර්ෂය මුල දී සිට ඉදිරියට ඔබට අතපය දිගහැර ඕනෑම ක්‍රියාකාරකම යෙදෙන්නට ආත්මශක්තියක් දෙනු ඇත‍. හැබැයි සීමාව ඉක්මවා බලපුළුවන්කාරකම් පෙන්නන්න එපා. 2015 නොවැම්බර් පළමුවෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා ග්‍රහ බලය ක්‍රියා කරන්නේ ඔබට නුහුරටයි.

ඔබ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයක කුලපති විද්‍යාලයක විදුහල්පති තනතුරක් දරන්නේ නම් සිර අඩස්සියකට නතු කිරීමේ අවදානමක් ද පවතී.

වෘෂභ ලග්නය
හිත හීලෑ කරගන්න
ඔබේ ලග්නාධිපතියා වන සිකුරු ග්‍රහයා ධර්මස්ථානයේ ගෝචරය වෙමින් 2015 වසර උදාවන්නේය. එවිට එකී සිකුරු සමඟ හත්වැන්නාධිපතියා වන කුජ ග්‍රහයා ද ගෝචරය වන්නේය‍. මේ වර්ෂය ඔබට උදාවන්නේ තම ආගම ධර්මය කෙරෙහි සිත යොමු කරවීමෙනි. ඔබ තුළ පවතින දෙවි දේවතාවුන්සේලා කෙරෙහි වන විශ්වාසය තහවුරු වනු ඇත.. ඔබේ දියුණුව එළැඹෙන වසරක් බව පෙනේ‍.

ධනය - ඔබ තුළ මුලින්ම ඇතිවන්නේ කුසල් කිරීමට ඇති ආශාවය. ඒ සමඟම ඔබට අලුතින් හිත මිතුරන් රාශියක් හඳුනා ගැනීමට පුළුවන් වනු ඇත. ඒ මඟින් නව ධනෝපායන උල්පත් රාශියක් උදාවනු ඇත‍‍‍. ඔබ ගරු බුහුමන්වලට පාත්‍ර වී ඔබේ කීර්තිනාමය ප්‍රබල වනු ඇත. සේවා සපයන කෙනෙකු හෝ ස්වයං රැකියාවක නිරත වන කෙනෙකු නම් එකී කටයුතු දියුණු කර ගැනීමට ඔබට පිළිවන් වනු ඇත.

රැකියාව - ස්ථානගත වෙනස්වීම්වලට ඉඩකඩ බහුලය. රැකියාව සඳහා දුර බැහැර යාමට පවා සිදුවේ‍‍‍. බොහෝ දුරට සිදුකරන රැකියාවට අමතරව වෙනත් රැකියාවක් සඳහා යොමුවීමට ද ඉඩ තිබේ. රැකියා කටයුතුවලදී වෙනත් වර්ෂවලට වඩා කටුක අත්දකීම්වලට මුහුණ දීමට දිරිමත් විය යුතුයි. සෑම අවස්ථාවකදීම කිසිඳු සුළු අඩුපාඩුවකට හෝ ඉඩ නොදී විනිවිද භාවයෙන් යුතුව රැකියාවට ආශාවෙන් රැකියාවේ නිරත විය යුතුයි. නැතහොත් එකී රැකියාව සඳහා වෙනත් සුදුස්සෙකු පත් කිරීමට ග්‍රහ බලය ක්‍රියා කරනු ඇත.

අධ්‍යාපනය - නිදි මරාගෙන පාඩම් කරන්න යන්න එපා. පාඩම් කරන්නටය කියමින් යාළු මිත්‍රයින්ගෙ ගෙවල්වලට යන්න එපා. කල්ලි ගැහිල කරන විරෝධතා ආදියට සම්බන්ධ වෙන්න එපා.තමන්ගෙ පාඩුවෙ ගෙදර ඉඳගෙන දෙමව්පියන්ගෙ රැකවරණය මැද අධ්‍යාපනික කටයුතුවල නිරත වන්න. එහෙම කළොත් ඔබට තරග විභාග ආදිය සමත් කර ගන්න පුළුවන් වෙනවා. නිතරම තමන්ට අත්වෙලා තියෙන්නෙ තමන්ගෙ ඉගෙනීමෙන් බව සිතන්න. එහෙම නැති වුනොත් ඉගෙන ගත් කාලෙ සමජය හදන්නයි, රට හදන්නයි, යුතු අයුතුකම් හදන්නයි හිතල කටයුතු කරන්න ගියොත් ඉගෙනීම පැත්තකින් තියල හිරේ විලංගුවේ හරි රෝහල් ගතවීමකට හරි කොටු වේවි.

සුපරික්ෂාකාරී විය යුතු කේෂ්ත්‍රය -
ඔබට නොගැළපෙන අනියම් සම්බන්ධතාවයක් ඇති කරල දෙන්න ග්‍රහ බලය විසින් දැල එළලා ඉවරයි. විවාහක කෙනෙකු. පරිස්සම් වන්න. මොන අඩුපාඩුව තිබුණත් තමන්ගෙ කලත්‍රයා දෙවියෙක් කියල කටයුතු කරන්න.

පතිවෘත්තාවෙන් කටයුතු කරන්න ස්ත්‍රී පුරුෂ කවුරු වුණත් වග බලා ගන්න. කුමර බඹසර කුමරි බඹසර රැකගන්න යෞවන යෞවනියො වගබලා ගන්න. නඩුහබ පටලවා ගන්න එපා. ලොකු දඩ මුදලකට යටත් වෙන්න ඉඩ තියෙනවා. දික්කසාදයකට යන්න එපා. ‍ෙලාකු වන්දි මුලදක් ගෙවන්න වෙනවා.
බෙරන පුවසළ යන නැකතකින් උපන් කෙනෙකු නම් තමන්ගෙ සෞඛ්‍ය තත්ත්වය හා. තමන්ගෙ දේපළ රැක ගන්නට උත්සාහ කරන්න. බියෙන් පෙළෙන විදියෙ වැඩ කරන්න එපා. හොඳ නින්දක් ලබන්න පුළුවන් අන්දමේ හොඳ වැඩ කරන්න නැත්නම් කිසියම් අත්අඩංගුවකට පත්වෙන්න පුළුවන්. සොර සතුරු බියක් ද මතුවිය හැකි බැවින් තමා සන්තක‍ෙය් තියෙන දෑ සුරැක ගැනීමට තදින්ම වගබලා ගන්න. මෙවැනි පරිස්සම්වීම් පිළිබඳව තදින්ම අවධානය යොමු කළ යුත්තේ 2015 ඔක්තෝම්බර් මාසයේ සිට ඉදිරියටයි. ඒක 2016 දක්වාම කල්පවත්වයි.

මිථුන ලග්නය
ධන සම්පත් වැඩි දියුණුවට
2015 වසර ඔබට උදාවන්නේ ධනස්ථානාධිපතියා අයස්ථානයේ ගෝචර වී සිටියදීමය. අපූර්වත්වය කියන්නේ දහවැන්නේ අධිපතියාද දෙවැන්නේ සිටීමය. ලග්නාධිපතියා වසින් වික්‍රමස්ථානාධිපතියා සමඟ තැනූ සංයෝගය ද හත්වැන්නේ අතිශය සුබඵලදායකය. මීට පෙර නොතිබුණු විජයග්‍රහණ රැසක් සමඟ ඔබට 2015 වසර උදාවන බව සලකන්න.

ධනය - ඔබේ වැඩ ඔක්කොම තනි මතයට කෙරෙනු ඇත. කිසිවෙකුගේ උපදෙසක් ඔබ පතන එකක් නැහැ. ධනෝපායන මාර්ග උදාවීමට හේතුව වන්නෙත් ඒකයි. 2015 වසරේ දී අලුතින් අරඹන්න ඕනය කියල හිතාපු අලුත් ව්‍යාපෘතියකට බය නැතිව අත ගහන්න. ව්‍යාපාරය දියුණු වෙලා අත මිට සරුවෙනවාමයි. පෙර වර්ෂවලදී සිදු වී තිබූ ණය තුරුස්වලින් නිදහස් වීමටත් ඔබට පසුබිම සැලසෙනවා. ණය ගනුදෙනුවලින් කවදද ලාභ දෙන්නේ. මේක හාස්කමක්, ණය ගනුදෙනුවලිනුත් ඔබට ලාභ ගෙන ‍ෙදන්න ග්‍රහ බලය සූදානම් වෙලයි සිටින්නෙ.

රැකියාව - ඔබේ රැකියාව ව්‍යාපාර කටයුතු ආදියට උගත් බුද්ධිමත් අයගේ සහයෝගය උපදේශන ලැබෙනු ඇත. ඒවාගේම විශේෂ ඥානයක් හිමි අය යටතේ රාජකාරී වැඩකටයුතු කිරීමට ඔබට අවස්ථාව එළැඹෙන නිසා ඔබේ දැනුම වර්ධනය වී ධනෝපායන මර්ග වැඩි දියුණු වනු ඇත. රැකියා කටයුතුවලදී විශේෂ දුෂ්කරතා ඇතිවූවත් නඩුහබ ආදියකට ගොදුරු වූවත් පුදුමාකාර ලෙස ඒවායින් නිදහස් වීමටත් ජයග්‍රහණය ලැබීමටත් හැකියාව ලැබෙනු ඇත.

අධ්‍යාපනය - ඔබට පැරණි පොත්පත් ලියකියවිලි ආදිය ලැබීමට නියමිතය. ඒවායින් බොහෝ සේ ගුරු හරුකම් ඔබ ලබාගනු ඇත. ජ්‍යොතිෂ වස්තු පවතින ස්ථානවලින් ඔබේ දැනුම පෝෂණය කර ගැනීමට අවශ්‍ය දත්ත රාශියක් හමුවෙනු ඇත. ඇන්ටික්ස් දෑ ගොඩ ගැසූ ස්ථානවල ගැවසී බලන්න. ඔබට වැදගත් කථාවක් පැවැත්වීමට දේශනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. එයින්ම ඔබගේ අධ්‍යාපන දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය සැඟවී තිබූ හැකියාවන් රාශියක් එළඹෙනු ඇත. උපතේ දී ගුරු පස්වැන්නේ ෙහා් දෙවැන්නේ සිටි කෙනෙකු නම් ධනය සමඟම අධ්‍යාපන දියුණුව සැලසේ.

සුපරික්ෂාකාරී විය යුතු කේෂ්ත්‍රය - විවාහක නම් කලත්‍රයාට තමා විශ්වාස වන ලෙසම කටයුතුවල නිරත වන්න. කොයි කවුරු අමනාප වූවත් කලත්‍රයා සමඟම පමණක් මනාප වෙන් ඕනෑ බව සිතන්න. විවාහ සංස්ථාව රැක නොගත්තොත් සියලු බලාපොරොත්තු කඩාකප්පල් කරගන්න සිදුවේවි. ඔබ සිද්ධ කරගෙන ආපු නම්බුකාර රැකියා කටයුතුවලින් ඉවත් වී යම් යම් අය යටතේ යමක් කමක් උපයාගන්නට සිදුවීමේ අවදානමක් පවතින බැවින් සැලකිලිමත් වන්න.

කටක ලග්නය
කොයිදේත් පරෙස්සමෙන්
දෙදහස් පහළොව වර්ෂය ඔබ‍ගේ ස්වර්ණමය යෝගය උදාකරන වර්ෂය බවට පත්වෙනවා. වර්ෂය උදාවන්නේ ලග්නයේ උච්ච ගුරු ‍ගෝචරය වෙද්දීය. හතරවැන්න වන්නා වූ විෂ්ණු ස්ථානයත් පස්වැන්න වන්නා වූ ලක්ෂ්මී ස්ථානයත් අධිපතියන් හත්වැන්නේ යෝග වී විෂ්ණු- ලක්ෂ්මි යෝගය ගෝචර ලෙස උදා කරමිනි. එහි තදබල ශක්තිය පෙන්නුම් කරමින් එතන අමාත්‍ය යෝගය ද ගෝචරය වී තිබීම නිසාය. තවද කටක ලග්නාධිපිතයා වන චන්ද්‍රයා දහවැන්නේ ගෝචරය වෙද්දී ඇරඹෙන වර්ෂය නිසා සියලු සැප සම්පත් ගෙන එනවාද ඇත.

ධනය - ඔබට හිත දමනය කර ගන්න වේවි. එහෙම වුණොත් ධනය රැක ගැනීමට පුළුවන. ඔබට කිසියම් නින්දා අපහාසයක් ගෙන දෙනු ඇත. ඒ නිසාම ඔබ පදිංචි ස්ථාන අතහැර දැමීමට - විදේශගත වීමට - නිවාස අඩස්සියට පත්වීමට පුළුවන. එම හේතුවම ඔබට නව ධනෝපායන මාර්ගයක් ගෙන ඒමට පසුබිමක් නිර්මාණය කරනු ඇත. ඔබ කිසියම් නිෂ්පාදනයක් හෝ කෘෂිකාර්මික කටයුත්තක් සිදුකර ධනෝපායන මාර්ග සලසා ගන්නෙක් නම් ඔබට අවශ්‍ය කරන උපකරණ මෙවලම් - කම්කරු ශ්‍රමදායකත්වය ආදියේ ප්‍රවණතාවයක් නැ‍ඟෙනු ඇත. ඒ නිසා දැන් තියාම ඔබට අවශ්‍ය උපකරණාදිය අතිරික්තව ගබඩා කර තබා ගැනීමට මතක තබා ගත යුතුයි.

රැකියාව - රැකියා කරදර මතුවීමේ වාතාවරණයක් පිළිඹුබු වෙයි. අලුතින් පටන් ගන්නා රැකියා - වෘත්තිය කටයුතු විනාශ කර දැමීමට බාහිර බලවේග ක්‍රියා කරනු ඇත. නඩුහබ ආදියත් නිසා රැකියාවේ යෙදෙන කාල සීමාව සීමා කිරීම සිදුවීම නිසා රැකියා අස්ථාවරත්වයක් ද පෙන්නුම් කරයි. ආමාශ පීඩාවක් පැමිණිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

අධ්‍යාපනය - ඔබ අධ්‍යාපන කටයුතුවල යෙදීමට දැඩි වෙහෙසක් ගන්නවා ඇත. පොත පතෙහිම ඇලී ගැලී කටයුතු කරනු ඇත. බාහිර ක්‍රියාකාරකම්වල යෙදීම සීමා කරනු ඇත. ඔබ විසින් මුද්‍රණය කළ හෝ කිරීමට බලාපොරොත්තු වන බුද්ධිමය දේපළක් සොර සතුරු හස්තයකට ලක් විය හැක. උසස් විභාගයකට ඔබ විසින් ඉතා සාර්ථකව පර්යේෂණ නිබන්ධනයක් සැලැසුම් කරනු ඇත. එය පරිස්සම් කර ගන්න. අස්ථානගතවීමට ඉඩ ඇත.

සුපරික්ෂාකාරී විය යුතු කේෂ්ත්‍රය - ඔබ ඉපදී සිටින්නේ රෙහෙන හත - සුවන යන නැකතකින් ද එසේ නම් ඔබේ කටයුතු වර්ෂය ආරම්භය සිටම බොහොම පරිස්සම් කර ගන්න. වර්ෂයේ අග බාගය වනවිට ඔබට බලාපොරොත්තු රහිත කරදරයකට මුහුණ පාන්නට සිදුවන බැවිනි.

සිංහ ලග්නය
අලුත් පිම්මක්
දෙන දෙවියෝ ගෙනැවිත් දෙන වේලාවකදී නව 2015 වසර ඔබට උදාවන්නේය. ඔබේ ලග්නාධිපතියා විද්‍යා ස්ථාන වන ත්‍රිකෝණ ස්ථානයෙහි ගෝචරය වන්නේය. ධනස්ථානයේ සහ අයස්ථානයේ අධිපති වන බුධ ග්‍රහයාද රවිට සංයෝගය වන්නේය. ධනය - නුවණ - සැපත - ශ්‍රී සෞභාග්‍යය රැගෙන පැමිණෙන ගෝචර යෝගයක් බවට මෙය පත්වන්නේය. ඒ වාගේම ඔබට විපරිත රාජ යෝගයක් මවමින් හයවැන්නාධිපතියා දොළොස්වැන්නේ ගෝචරය වන අවස්ථාවක වර්ෂය උදාවන්නේය. ඔබ නව පිම්මක් පනින්නේය. ඔබට වයස අවුරුදු 60ක් නම් ඔන්න ආයිමත් ඔබේ ස්වර්ණමය යුගයක් නව ආරකින් යුතුව හිමි වෙනවාමයි. ඔබ යුග පුරුෂයෙකු කරන්නට ග්‍රහ බලය සැලසුම් කරනවා.

ධනය - ඔබගේ නොදැනුවත්කම හා නොසැලකිලිමත් කම නිසා ධනෝපායන මාර්ග විවර වුවත් එයින් ඵල ලැබීමට නුපුළුවන් වනු ඇත.2015 වර්ෂයේ දී ඔබ වෙනුවෙන් ධන උල්පත් මතුවෙනවා ඇත. නමුත් ඔබගේ අදූරදර්ශී ක්‍රියා කලාප මත ඔබට ඒවා නැති කර ගත හැකිය. මෙය හරියටම කුසට දරුවෙක් පිළිසිඳගත් විට ගබ්සාවක් වීමක් හෝ සිදුකර ගැනීමක් බඳුය. කල්පනාවෙන් කටයුතු කර ‍ ලැබෙන හැම සම්පතක්ම ලැබෙන හැම රුපියලයක්ම ද වැය කිරීමට නොව ඉතුරු කිරීමට උනන්දු වී ධනය සුරැක ගතහොත් ඔබ දිනුම්ය. පහත් පෙළේ දුරාචාරයේ යෙදෙන අයවළුන්ට ද - යාචකාදීන්ට ද - සූදු අස්තුවට ද - ස්ත්‍රී ලෝලීන්ට ද ඔබ ගොදුරු වී ධන විනාශයකට ද මඟ පෑදෙන කෙනෙකු වීමේ භයානක තත්ත්වයක් ඇති කුමන ධනෝපායන මාර්ගයක යෙදෙන කෙනෙකු වුව ද පරිස්සමින් කටයුතු කළ යුතු වෙනවා ඇත.

රැකියාව - මව් පස ඥාතීන්ගෙන් ලැබෙන ප්‍රවේනි උරුමයක් සම්බන්ධව කාලය ධනය ශ්‍රමය යෙදීමට සිදුවන බැවින් රැකියාව - ව්‍යාපාරය සම්බන්ධයෙන් යොදන කාලය අඩුවීම නිසා රැකියා කරදර පැන නැඟිය හැක. තවත් කාලයක් ඉදිරියට රාජකාරී කරන්නට අවකාශ ඇතත් 2015 දී විශ්‍රාම ලබා ගැනීමට සිදුවේ. නැතිනම් බලෙන් විශ්‍රාම ගන්වන්නට ඉඩ ඇත. එල්ලිල ඉන්නෙ නැතිව විශ්‍රාම ලබා යන එක සුදුසුය. බදාගෙන ඉන්න ගියොත් විශ්‍රාමයත් නොමැතිව අවනම්බුවක් ලබාගෙන රැකියාව අහිමි කරගන්නට ඇති ප්‍රවණතාවය අධික බැවිනි. ඉන්න ඕන නම් තනතුරෙන් පහළට වැටිල තත්ත්වය මාන්නය බල්ලට දාල පඩිය විතරක් අරගෙන ඉන්නයට ඉන්නව වාගේ ඉන්න පුළුවන්. වැඩට තිබුණු දක්ෂතාවය, නැත වී කම්මැලි වන සෙයියාවක් තිබෙන බැවින් නිතර දිරිමත් වන්න. අලුයම අවදි වූ සැනින් උඩපැන දෑත් ඉහළට ඔසවා ‘ඔව් මට පුළුවන්’ කියා කෑ ගසමින් යටි හිත අවදි කරගෙන වත් රැකියා ජයග්‍රහණ සලසා ගන්නට 2015 දී උත්සාහ කර බලන්න.

අධ්‍යාපනය - ජලය දියර වර්ග පිළිබඳ කටයුතු කරනු ලබන විෂය දැනුම ඔබට ලැබෙනු ඇත. කාලගුණික දේශගුණික අනාවැකි කීම පිළිබඳව වන අධ්‍යාපන කටයුතුවල යදෙන අයට යහපත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුබද්ධව රැකියාවන්හි නියුතු අයට තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට යහපත් පසුබිමක් උදාකරනු ඇත. නමුත් ඔබ අධ්‍යාපන කටයුතු සඳහා ගංගා - මුහුද- දියඇලි ආදිය පිහිටි ප්‍රදේශවලට යෑම අහිතකර බවද සිත තබා ගත යුතුයි.

කන්‍යා ලග්නය
රැකියා ලාභ
ඔබේ ලග්නාධිපතියා වන බුධ ග්‍රහයා සිව්වැන්නේ ගෝචරය වෙමින් සිව්වැන්නාධිපතියා වන ගුරු ග්‍රහයා අයස්ථානයේ ගොචරය වන අවස්ථාවකදී නව 2015 වසර උදාවන්නේය. අධික ලෙස ආදායම ලැබෙනවා ඇත. හැබැයි දොළොස්වැන්නාධිපතියා ලෙස රවි ග්‍රහයා ද ලග්නාධිපතියා සමඟ සංයෝග බැවින් වියදම් පක්ෂය ද ඉහළ නඟිනු ලබන්නේ ණයතුරුස් වීමට පවා පසුබිම සලසමිනි. තවද ධනස්ථානාධිපතියා වික්‍රමස්ථානාධිපතියා එක් වී වික්‍රමස්ථානයේ ගෝචරය වන අවස්ථාවක් ද වර්ෂ උදා මොහො‍තේ දී බලපවත්වයි.

ධනය - ඔබට ධනය ලැබෙන්නේ අමුතු ආකාරයකටය. ඒ අනුව ඔබගේ නව වර්ෂයේ කාල සටහන සකසා ගන්න. මෙතෙක් ඔබ යම් කිසි කටයුත්තක් ආරම්භ කොට අතහැර දමා නතර කර දමා තිබෙනවාද? එම කටයුත්ත නැවත පටන් ගන්නට ඔන්න වර්ෂය උදා වුණා. ඔබේ රස්සාව නැති වී තිබෙන්නේද? ඔන්න රස්සාව නැවත ලැබෙනවා. දැන් ඉතිං හිඟ වැටුපක් සමඟ ඔබට ඔබේ රැකියාවත් තනතුරත් ලැබෙනවා. ඔබ‍ගේ උරුම හිමිකම් බෙදා හදා ගන්නට නඩු මඟට බැස තිබේද? ඔබට වාසි සහගත ලෙස යුක්තිය පසිඳවාලීමට අධිකරණය ක්‍රියා කරනු ඇත. ඒ තුළින් ඔබට හදිසි ධනයක් මෙන්ම ධනෝපායන මර්ග සැලසෙනු ඇත.

රැකියාව - ඔබ ඉඩකඩම් ගෙවල් දොරවල් බෙදා හදා දීමට බලාපො‍රොත්තු වන්නේද? එවැනි ‍ෙද් අමතර වශයෙන් කොන්ත්‍රාත්කාර රැකියාවල යෙදෙන්නේද? එසේ නම් රැකියාවට අමතරව එකී රැකී රක්ෂාවලින් යහපත උදා කර ගත හැක. කලක් තිස්සේ බලාපොරොත්තුව සිටි රක්ෂාව ඔබට ලැබෙනවාද චිත්‍ර ශිල්පය ඇඳි කලාකරුවෙකු නම් ඊට අදාළ රැකියා ලැබීමේ භාග්‍යය ඇත. ඔබ කාටුන් චිත්‍ර කලා ප්‍රගුණ කරන කෙනෙක්ද? කාටුන් චිත්‍ර ශිල්පියෙකු ලෙස රැකියාවක් ලබා ගැනීම අපහසු නොවන වර්ෂයකි. ඔබ ග්‍රන්ථ කථිකාචාරයෙක් හෝ ලේඛකයෙකු නම් සාරවත් අදහස් උදහස් බිහි කිරීමට ඔබට රැකියා දොර විවර වේ.

අධ්‍යාපනය - උගත් දේ උගන් වන්න බලන්න. ඔබේ අධ්‍යාපනය දියුණුවන තැන එතැනයි; 2015 වසරේ දී. උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමට පරීක්ෂණයකට ඉදිරිපත් වන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වර්ෂාරම්භයකි. නොබියව ඊට මුහුණ දෙන්න. අධ්‍යාපනය සාර්ථකයි.

සුපරික්ෂාකාරී විය යුතු කේෂ්ත්‍රය - ඔබ දෙට - අස්ලිස - රේවතී යන නැකතින් උපත ලබා සිටින කෙනෙකු නම් ගමන් බිමන් යාමේ දී පරිස්සමට මුල්තැන දෙන්න. අධික වේගයෙන් ගමන් ගන්නා වාහනවලින් ගමන් යෑම සීමා කරන්න. ඔබේ ස්ථාවර තැන්පතු මුදා ගන්නට පසුබිමක් නිර්මාණය වේවි. එය ඉටු කර ගන්නේ නම් මැනවි. ඔබ අසල්වැසියන්, ඥාතීන් සමඟ යම් යම් බහින් බස් වීම් දුරදිග ගෙන යෑම සුදුසු නැත. ඊට හේතුව නීති කරදරයකට තල්ලු විය හැකි බැවිනි. ගොඩින් බේරා ගැනීමක් සිදුකර නොගත්තොත් රිමාන්ඩ් සිර භාරයටත් පත්වීමට ඉඩ කඩ ඇත. ඒ නිසා තමන්ට පාඩුවක් සිදුවන බව පෙනුනත් අසල්වැසියන් සමඟ මතුකරගනු ලබන ගැටුම්වලදී සමාව ගෙන සන්සුන් වීමට හිත හදා ගන්න. මාර්තු 15 වෙනිදා සිට ආරක්ෂාවට මුල් තැන දෙන්න.

තුලා ලග්නය
අවදානමට සුදානම්
ඔබේ ලග්නාධිපතියා දෙවැන්නාධිපතියා සමඟ සිව්වැන්නේ ගමන් කරමින් සිටියදී නව වසර උදා වෙයි. මේ නිසා ඔබේ ධන සම්පත් වර්ධනය වීම ද චිත්තප්‍රීතිය උදාවීම ද සිදුකරනු ලබන සියලු කටයුතු සාර්ථක වීම ද සමඟ උදාවන යහපත් වර්ෂයක් බව 2015 වර්ෂය පත්වනු ඇත. තවද ඔබේ ලග්නයේ භාග්‍යස්ථානාධිපතියා ද අයස්තානාධිපතියා ද වික්‍රමස්ථාන වූ තුන්වැන්නේ ගෝචරය වෙද්දී නව වසර උදා වීම නිසා ඔබට සියලු යස ඉසුරු සතුට සම්පත් රැකියා උසස්වීම් ද රැගෙන එන වසරක් බව ද පෙනේ.

ධනය -බලාපොරොත්තුවක් නොතිබුණු ක්ෂේත්‍රයකින් ඔබට ධනයක් ලැබෙනවා ඇත. එය උරුම හිමිකමක් හෝ ලොතරැයි ජයක් හෝ මැණික් වාසනාවක් වැනි භූමි සම්පතක් හෝ විය හැකිය. එමෙන්ම වැඩිහිටියයන්ට උදව් පදව් කිරීම නිසා ප්‍රසාද දීමනා වශයෙන් යම් දීමනාවක් තුළින් හෝ ඔබට ‍ ධනයක් ලැබෙනු ඇත.
රැකියාව - ඔබ මුදල් අතපත ගාමින් කරනු ලබන රාජකාරී කටයුත්තක නියැළෙනවා නම් එයින් වෙනත් විෂයකට මාරුවීම සුදුසුය. ඔබ බැංකුවක සේවය කරන කෙනෙකුට මේ වර්ෂයේ දී මුදල් ගනුදෙනු කවුන්ටරයට වඩා වෙනස් රාජකාරී කටයුත්තකට මාරුවෙන එක සුදුසුය. පෞද්ගලික වෙළෙඳ ව්‍යාපාරයක් වුව ද මුදල් ගනුදෙනු සඳහා කලත්‍රයා හෝ යෙදවීම සුදුසුය. ඔබේ රැකියාවට අදාළව ඥාතියෙකු හෝ මිත්‍රයෙකු කිසියම් අකටයුත්තක් සිදුකරනු ලැබේ.

හැබැයි ඔහුට ඔබේ රැකියාව නැති කරන්න නම් නුපුළුවන. ඔබට මිතුරා හෝ ඥාතියා නම් නැතිවෙන්නට පුළුවන. ඔබ රැකියා ස්ථානයේ සමකාලීනයන් සමඟ ආරවුල්වලට පැටලීමට අනතුරුදායකය . කල්පනාකාරී නොවුණහොත් රැකියා ස්ථානයේ අකමැත්තෙන් වුව ද ස්ථාන මාරුවීමක් ලබා ගැනීමට සිදුවේවි. ඔබ ලැබූ අධ්‍යාපන සුදුසුකමට අදාළ රැකියා කටයුතු හිමිවීමේ භාග්‍යය ඇති වර්ෂයකි.

අධ්‍යාපනය - විෂය දැනුම ලැබීමේ භාග්‍යයය ඔබ ඇතිවෙන වසරකි. ඥානය නුවණ දියුණුවන වසරකි. නමුත් දත්වල හෝ දත්මුල්වල ඇතිවන ගැටලුකාරී තත්ත්වයක් නිසා අධ්‍යාපන අවහිරතා මතුකළ හැකි බැවින් මුඛ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබේ අධ්‍යාපනය සඳහා රජයේ උසස් නිලධාරීන්ගෙන් ආධාර උපකාර ලැබෙන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න. ඔබට විනෝදය- සතුට - දනවන කටයුතුවලට නැඹුරුවීමේ ග්‍රහ බලයක් ඇතිවන බැවින් එය අධ්‍යාපනය වර්ධනය වී දියුණු වීමේ ඇති අවස්ථාවට බාධාවක් විය හැකි බැවින් වැඩිදුර විනෝදකාමී නොවිය යුතුයි‍.

සුපරික්ෂාකාරී විය යුකු කේෂ්ත්‍රය - ඔබ බෙරන - පුවපල් - පුවසළ ආදී නැකතකින් උපත ලබා සිටින කෙනෙකු නම් ඔබේ දේපළ ධනය සුරැක ගැනීමට කල්පනාකාරී වන්න. ඒ ව‍ගේම බලාපොරාත්තු නොවන රෝගාබාධ මතුකළ හැකි බැවින් ත්‍රිධාතුව කෝප කෙරෙන ඇවතුම් පැවතුම් ආහාර පාන ආදියෙන් වැළකිය යුතුයි. ඒ වගේම ඔබ අස්ථාන භීතියකට ලක් කිරීමට ද මේ වර්ෂය පසුබිම සැලසේවි. තවද ඔබ‍ගේ වටිනා කියන සන්තකයේ නිතරම ප්‍රවේශම් කර ගැනීමට අවධානය යොමු කළ යුතුයි. සෑම විටම නීති කරදර ආදියෙන් මිදීමට සිත තබා ගන්න. පොලිස් ස්ථානවල රස්තියාදු වෙවී සිටීමට පසුබිම් නිර්මාණය විය හැකි බැවිනි.

වෘශ්චික ලග්නය
අනපේක්ෂිත ලාබ
දෙදහස් පහළව වර්ෂය ඔබට උදාවන්නේ ලග්නාධිපතියා උච්ච බලයෙන් වික්‍රමස්ථානයේ සිටියදීය. එවිට එහි හත්වැන්නාධිපතියාද ලැගුම් ගෙන සිටී. ඒ වාගේම විද්‍යා ස්ථානාධිපතියා උසස් අධ්‍යාපනස්ථානයේ ගෝචරය වෙයි. ඒවාගේම දහවැන්නාධිපතියා වන රවි ග්‍රහයා එකොළොස්වැන්නාධිපතියා වන බුධ ග්‍රහයාද සංයෝග වී දෙවැන්නේ පිහිටා තිබීම ද වර්ෂ ආරම්භයේ දීම රැකියා වාසනාව ධන වාසනාව ගෙන දෙන පිහිටීමකි.

ධනය - ඔබට නව වර්ෂයේ දී ඇතිවන්නේ ගුප්තමය ආකර්ෂණයකි. බලාපොරාත්තු රහිත අවස්ථාවකදී බලාපොරොත්තු රහිත ක්‍රමයකින් මිල මුදල් ලැබෙනු ඇත.ඒ වාගේම රස ආහාර පාන ද ලැබෙනු ඇත. මේ වර්ෂය ඔබට දීප්තිමක් බවට පත්කර ගන්නට තරම් ධන සම්පතක් ගෙන දෙනු ඇත.

යකඩ වැඩ යන්ත්‍ර සූත්‍ර- කර්මාන්ත ආදිය ඉගෙනීමට ද එයින් ධනය ඉපයීමට ද ඔබට පසුබිම් සැළසේවි.‍ කාර්මික අභ්‍යාස ආයතනයක ඉගෙන ගැනීමටත් අර්ධකාලීන ලෙස ධනෝපායන මාර්ගයක යෙදීමටත් අවකාශ ලැබේ.

රැකියාව - ඇඳුම් පැලඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන කෙනෙකු නම් ඉතා යහපත්ය. කුමන රැකියාවක දැනට නිරත වී සිටියත් මීට පෙර හිතුවේවත් නැති ක්‍රමවේදයකින් රැකියා උල්පතක් ඔබ වෙනුවෙන් උත්පාදනය වන්නේය. කිසිදු ගැටලුවක් අවුලක් වියවුලක් නොමැතිව සාමකාමීව තම රැකියා කටයුතු වල නියැලිමට පහසුකම් සැලසේ. ශාරීරික ව්‍යායාම් කරනු ලබන යන්ත්‍ර සූත්‍ර ආම්පන්න ආදිය වෙළහෙළඳාමට බැසීම හෝ බ්‍රෝකර් කටයුතුවල නියැළිම හෝ මඟින් ඔබට අමතර ධනයක් උපයා ගත හැකිය. රැකියා ස්ථානයේ දී ඔබට කම් සැප ලැබෙන්න ඉඩ තිබේ. රැකියාවට අමතරව විවිධ ලැබීම් මාර්ග හිමිවුණත් අවස්ථාව ලැබුණත් පෙළඹෙන්න එපා‍.අවධා‍නයෙන් සිට මෙම අවදානමෙන් අනිවාර්යයෙන්ම බේරෙන්න බලන්න. නැත්නම් වසර මැද පහුවෙන කොටම ඔක්කොම කපෝති වේවි.

අධ්‍යාපනය - වාග් මූල ස්ථානයටත් විද්‍යා ස්ථානයටත් අධිපතියා වන්නා වූ ගුරු ග්‍රහයා උසස් අධ්‍යාපන ස්ථානයේ වැජඹීම නිසා ඔබේ අධ්‍යාපන කටයුතු දියුණු පමුණු වනවා ඇත. ශ්‍රවණය වන දෙසට වඩා ගැඹුරු අර්ථයක් ඔබගේ මනසට විශ්වයෙන් ලැබෙන කාලයකි. බයවෙන්න දෙයක් නැත. අධ්‍යාපනික කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වන වර්ෂයකි. දැනට ක්‍රියා කරන විෂය කේෂ්ත්‍රයට අමතරව තවත් විෂයක් ඉගෙනීමට ද අවස්ථාව සැලසෙනු ඇත. පවුලේ දරු ලාභයක් ලැබීම නිසා ටික දිනකට අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට සිදුවනු ඇත. මන්දෝත්සාහී නොවී ඉදිරියට යන්න.

සුපරික්ෂාකාරී විය යුතු කේෂ්ත්‍රය - ඔබ ඉපදී සිටින්නේ සිත - දෙනට- අස්විද යන නැකතකින් නම් ඉතාමත් කල්පනාවෙන් යුතු විනිවිදභාවයෙන් යුතුව සියලු වැඩ කටයුතු ඉටු කළ යුතුයි.

ධනු ලග්නය
ජයෙන් ජය
දෙදහස්පෙහළොව ඔබට ලබන්නේ ඉතිරී පැතිරී යන කීර්තියක් මෙන්ම සතුට මැද අභියෝග ද පුරෝගෙන එන ‍වෙස්වළාගත් ආශිර්වාදයක් ද සමඟිනි. මේ ගෙනෙන උදානය කිසි ලෙසකින් තමන්ටවත් නොතේරෙනවා ඇත. 2015 ලබන විට ග්‍රහ ලොව ඔබේ ජන්ම පත්‍රයට විවර කර දී තිබෙන සෞභාග්‍යයේ නිධානය කොපමණදැයි කියා මා ඇඟිල්ල දිගු කර පෙන්වන කවුළුවෙන් එබී බලන්න.

ඔබේ ලග්නයේ ධනස්ථානය උච්ච කුජගෙන් බලවත් වී ඇත. ඒ ධනස්ථානයට ලග්නාධිපතියාගේ දෘෂ්ඨිය එල්ල වී ඇත. ඒ ලග්නාධිපතියා සඳුගෙන් කේන්ද්‍රස්ථානයේ වීම නිසා ගුරුහංස නමැති මහාපුරුෂ යෝගයෙන් බලවත් වූ ලග්නාධිපතියා ය. නවවැන්නේ සහ දහවැන්නේ අධිපතියන් විෂ්ණු- ලක්ෂ්මී යෝගයක් මවා ඇත්තේ ලග්නය වන්නා වූ සිරසේය. ඔබ දන්නවාද? 2015 ජනවාරි 01 වෙනිදා පෙරවරු 11.47ට ඔබට ගෝචර සිංහාසන යෝගය ලබනවා. මේ බලය දෙසැම්බර් තුන්වෙනිදා රාත්‍රී 07.27දක්වා බලපවත්වනවා.

ඔබට ධර්ම කර්මාධිපති යෝගයක් ඉස්තරම් ලෙසම ක්‍රියාත්මක වෙනවා. නව වසර උදාවන්නේ දොළොස් ලග්න හිමියන් අතරේ එකම වාසනාවන්ත ලග්නය ඔබේ ධනු හැර වෙන කුමක්ද ඉතිං.
ධනය - ධනය ගැන කවර කතාද? ශනි කුජ පරිවර්තන යෝගයෙන් ඔබට උදාවන මේ වාසනාව අවුරුදු 30ක් දක්වා ඉදිරියට බලපවත්වනවා. ඔබ අවුරුදු පහක දරුවෙක් නම් ඔබ යුග පුරුෂයෙක් ලෙස බබලාවි. ඔබ අවුරුදු 60ක පමණ කෙනෙකු නම් ධනකුවේරයෙකු වෙනවා පමණක් නොව ගහක් ගලක් යට හිටියත් බලතල නිලතල රුඳුන අසුනක අසුන් ගනීවි. ඉහත ආත්මවල දානමාන දී සිදුකරගත් සියලු කුසල් මේ වසරේ දී ඔබ සොයා විත් ඔබව ධන බලයෙන් ආඪ්‍ය කරාවි.

රැකියාව- රැකී රක්ෂාවල ප්‍රභේද පවතිනවා. ගුණධර්ම පිරි රැකියා සහ අධර්මය පිරි රැකියා ප්‍රධාන වශයෙන් දෙකක් පවතිනවා. රැකියාව අතින් නම් 2015 දී ඔබට සියුම් පරිවර්තනයක් කෙරෙනවා. අධර්මය පිරි රැකී රක්ෂා කටයුතුවලට ඔබව පොළඹාවි. ඒ නිසා බුද්ධිමත් තීරණ ගැනීමට සිහි තබා ගත යුතුයි. රැකියා ස්ථානවල තමාට එරෙහි සතුරු බලවේග කුමන්ත්‍රණ දියත්වීමත් වළක්වන්න අමාරු වේවි. කොහොම වෙතත් එක්ටැම් ගේක හිටියත් මල් පෝච්චියක වම්බටු මිරිස් පැළ දෙකක් වත් සිටුවා ගත හොත් ඔබ දිනුම්.

අධ්‍යාපනය - ඔබේ අධ්‍යාපනයට බාධා කරන පාප මිත්‍ර සේවයක් ලැබෙන්න ඉඩ තියෙනවා. එයින් ඔබව මත්පැනට මත්ද්‍රව්‍යවලට දුම්පානයට පොළඹවා ගනීවි. එතකොට අධ්‍යාපන කටයුතු අඩාල වේවි. නොතේරුම් කම් හිතුවක්කාරකම් මතු වී අධ්‍යාපන බාධා මතුවේවි. බඩවැල්වල රෝග මතු කරාවි. එතකොට අධ්‍යාපන කටයුතු අඩාල වෙනවා. හොඳ සිහියෙන් කටයුතු කරන්න. රාජ දඬුවම් අරන් දීල අධ්‍යාපනය කඩාකප්පල් කරන්න ඔබ‍ගේ මනස රාජ්‍ය විරෝධී විරෝධතාවලට යොමු කරන්න බලාවි. කල්පනාවෙන් සිට ගැලවෙන්න.
සුපරික්ෂාකාරී විය යුතු කේෂ්ත්‍රය - ප්‍රබල අභියෝග ලැබෙතැයි කියා බිය විය යුතු නැත. සාමාන්‍ය පීඩාවක් උද්ගත විය හැකි වුවත් එයින් මිඳීමට ක්‍රම මතුවෙනවා ඇත.

සම්පත් විනාශ කෙරෙන රෝගාබාධ මතු කළ හැක. එයිනුත් 2015.07.31 සිට සැප්තැම්බර් 16 දක්වා තදින් පරිස්සම් විය යුතු කාලයයි. එයිනුත් පෙබරවාරි 12 සිට 16 දක්වා ද අප්‍රේල් 06 සිට 10 දක්වා ද ජූනි 01 සිට 06 දක්වා ද ජූලි 31 සිට අගෝස්තු 05 දක්වා ද තදින් පරිස්සම් වීමට ‍වගබලා ගත යුතුයි. මෙයින්ද දැඩි අවදානයෙන් පරිස්සම් විය යුත්තේ පුනාවස නැකතින් උපන් ජන්මීන්ය.

මකර ලග්නය
රැකියාව රැකගන්න
2015 ඔබට උදාවන්නේ අපූරු ග්‍රහ යෝත්තමක්ද රැගෙනය. ඔබේ ලග්නයේ දෙවැන්න වන මාරක- ස්ථානය ද හය - අට - දොළහ යන ත්‍රිකස්ථානය ද, ග්‍රහ ශුවාස වී සුභ මුහුර්ථ ශක්තියක් ද ඔබේ “චර” ග්‍රහ ලග්නයට උදා කරන්නේය. කේන්ද්‍රස්ථාන අතුරින් ග්‍රහයින් නොමැත්තේ දහවැන්නේ පමණි. එහි අධිපතියාද ලග්නගතව බලයෙන් සිටී. දහවැන්න සඳුගේ දෘෂ්ඨියෙන් බලගතු වී පවතී. ලග්නය හා අයස්ථානය පරිවර්තන යෝගයකින් බලවත්ය. වික්‍රමස්ථානාධිපතියාගේ දෘෂ්ඨියෙන් සෙනසුරු මෙන්ම අයස්ථානය බලවත් වී ඇත. ඔබ විවාහකද? එහෙනම් 2015 වසර ලැබුවේ මොනවට ද දන්නවද? ඔබේ කලත්‍රයාට නිලය- බලය - තනතුරු- උසස්වීම්- රැකියාව- කීර්තිය ආදී මනුලොව සුරසැප දෙන්නටය.

ධනය- ඔබට ලැබෙන ධන සම්පත මිල මුදලින් වාගේම භෞතික සම්පත් පිරී යන ආඪ්‍ය වූ ස්වභාවෙන් බැබලෙනවා ඇත. ඔබේ සිරි නිවසට ධන සම්පත කැන්දන ලක්ෂ්මී සංඛයක් බලාපොරොත්තු රහිත ලෙස කිසිදු වියදමකින් මහන්සියකින් තොර ව වඩිනවා ඇත. ජීවම්බල ගන්වා අභිවෘද්ධිය සළසා ගන්න. පැල්පතක සිටියත් මාළිගාවකට යන සුන්දර වර්ෂයක් නිසා ලැබෙන ධනය නාස්තිකාර දේට නොයොදා ඉදිරි පරම්පරාවටත් එක්ක ගෙයක් ‍ෙදාරක් හදන්න උත්සාහ ගන්න.

රැකියාව - ඔබේ ලග්නාධිපතියා සහ රාහුගෙන් රැකියා ස්ථානය පාපකර්තරී වී ඇත. දහවැන්නාධිපතියා ලග්නගතව ඇත. රැකියාව සම්බන්ධව ගැටලු මතු කළ හැකි වුවත් ඒවා පහසුවෙන්ම විසඳා ගත ‍හැකි වෙනවා ද ඇත. රැකියා විරහිත කෙනෙකු නම් රැකියාවක් ලැබෙනු ඇත. නමුත් බලාපොරොත්තු වූ රැකියාව නොවිය හැක. ඒත් ප්‍රතික්ෂේප කරන්න එපා.

අධ්‍යාපනය- අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔබට නිවසින් බැහැරව යාමට සිදුවන වර්ෂයකි. වැඩිහිටියන්ගේ උපදෙස් මත තාවකාලික ස්ථානයක් තෝරා ගත යුතුයි. නීති විරෝධී මෙන්ම අකුසල්කාරී ක්‍රියාවන් සිදුකිරීමට පෙළෙඹෙන අතර වර්ෂය පුරා එකී ක්‍රියාවේ අයහපත් චේතනා මතුවන බැවින් අධ්‍යාපන කටයුතු වලට බාධාවල් ද විය හැකිය. කල්පනාවෙන් යුතුව කටයුතු කර ඉගෙනීම් දියුණුව ලබන්න.

සුපරික්ෂාකාරී විය යුතු ක්ෂේත්‍රය - ඔබ ඉපදී සිටින්නේ පුෂ අනුර උත්‍රපුටුප යන නැකතකින්ද? ඔබ අල්ලස් දැළකට පටලවා රැකියාව නැති කරන්නට ග්‍රහ බලවේගයක් මතු වෙනවා. අල්ලස් ගන්න එපා. රැකියාවේ වගකීම ඉටු ‍නොවනවා කියා රස්සාවෙන් දොට්ට දාන්න ග්‍රහ බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. නිවාඩු ගියත් දුරකථනයෙන් විමසා බලා රාජකාරිය ආවරණය කරන්න බලන්න. කොයි දේ රැකෙන්නෙත් රස්සාව රැකුණොත් යන උදාන පාඨය උදේ සවස තමන්ටම කියා ගන්න.

මීන ලග්නය
වරප්‍රසාද ලැබේ
දෙදහස් පහළොස් වර්ෂය ඔබට ලබන්නේ විශ්ව කර්ම වූ පුදුම එළවන ගෝචර ග්‍රහ සම්බන්ධතාවයක් උදා කරමිනි. මීන ලග්නයටම පමණක් ආවේනිකව මෙකී ග්‍රහ ශක්තිය 2015 නව වර්ෂ උදාවක් සමඟ විද්‍යාමාන වනවා ඇත‍. ලග්නයේ දෙවැන්නාධිපතියා එකොළොස්වැන්නේ තැන්පත්ය. එවිට පස්වැන්නාධිපතියා දෙවැන්නේ තැන්පත්ය. එවිට නමවැන්නාධිපතියා එකොළොස්වැන්නේ නැත්පත්ය. එවිට දහවැන්නාධිපතියා දෙවැන්නාධිපතියාත් අයස්ථානයේ සහ විද්‍යා ස්ථානයේ සිට දෘෂ් දී නතු ලබන්නේය. මේ අපූරු ගෙත්තම නිසා කුමන කාර්යයකදී වුවත් කුමන දෘෂ්ඨි කෝණයක් බැලුවත් ඔබේ අපේක්ෂාව ඉටු වී පවතින්නේය. එනම් 2015 වසර උදාවූයේ ඔබට සටකපටකම් සිදුකිරීමට අවශ්‍ය සියලු අවි ආයුධ අමෝරාගෙනය.

ධනය - පියාගෙන් මෙන්ම උසස් අය‍ෙගන් ඔබට ධනය උපයා සපයා ගැනීමට සියලු වරප්‍රසාද හිමි වෙනවා ඇත. සතුටු සාමිචි කතා පවත්වාත් ඔබට මිළ මුදලින් ධන ප්‍රදානයන් ලබා ගත හැකි වෙනවා ඇත. ඔබ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී ගුප්ත ශ‍ාස්ත්‍ර ප්‍රගුණ කර ඇති කෙනෙකු නම් ඒ තුළින් ඔබට නව ධනෝපායන මාර්ග සැලසෙනවා ඇත. ඔබ එවැනි ආරක්ෂාවන් පැළඳගෙන සිටින කෙනෙකු නම් ඒවායේ ආරක්ෂාවන් බල වර්ධනය වන වසරක් බැවින් වැසී තිබූ දොරටු විවෘත වී ධනෝපායන මාර්ග ඉස්මතු වනු ඇත.

රැකියාව - බොහෝ ඉහළ සමාජ වැදගතුන්ගේ මැදිහත්වීම මත ඔබට රැකී රක්ෂා ලාභ හිමි වන්නේය. එමෙන්ම කරන කියන රැකියාවට අමතරව ගරු නම්බුදායක තනතුරු තානාන්තර හිමි වෙනවා ඇත. ඔබේ දැනුම ඔප මට්ටම් වී රැකියා කේෂ්ත්‍රයේ විශේෂ වාසනා ප්‍රවායක් ඉස්මතු වෙනවා ඇත. උසස් යයි සම්මත ප්‍රධානීන්ට පවා උපදෙස් ලබා ගැනීමට වෘත්තිය දක්ෂතාවයන්ගෙන් පිරිපුන් වන ඔබ ළඟට පැමිණිය යුතු වෙනවා ඇත.


අධ්‍යාපනය - ඔබ අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ දී මෙතෙක් රාත්‍රියේදී නිදාගත් ස්ථානයේ වෙනසක් සිදු කිරීමට උත්සාහ ගනු ඇත. එහි වරදක් නැත. අවදි වන වේගයෙන්ද වෙනසක් ඇතිවෙනු ඇත. ඒ නිසා අලුයම පිබිදීමට ද සැළසුම් කළහොත් ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වනු ඇත.

කළු පාට යට ඇඳුමට ප්‍රේතයන් ඇදෙනවා

මංගල ගමනට කළු ඇන්ඳොත් විවාහ ජීවිතේ කළුම කළුයි

සුදු පැහැයෙන් පිසාචයන් තැති ගනී

මසින් නොපිරුණු සිහින් මුහුණක් පිහිටියේ නම් ලොවේ ළඳකට

අධික කම්සැප පතා සලෙලුන් සොයා යනු ඇත නොතිර හැඟුමට මුහුණ ඕනෑම කෙනෙකුගේ හදවතේ කැඩපතකි. හැඟීම් දැනීම්,

වාර්තා පිට වාර්තා තැබූ ඩිවිලියර්ස්ගේ විස්මිත ඉනිම


දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පෙරේදා ජොහැන්නස්බර්ග් නුවර පැවැති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ජගත් ක්‍රිකට් වාර්තා පොතේ පිටු ගණනාවක් අලුත් කළේය. දකුණු අප්‍රිකානු පිතිකරු ඒ.බී.ඩි විලියර්ස් ලොව වේගවත්ම එක්දින ක්‍රිකට් ශතකය සටහන් කළ ඒ දිනයේ විශ්වාස නොකළැකි දස්කම් බොහොමයක් වාර්තා විය. 

සිංහල සිනමාවේ 68වැනි උපන් දිනය හෙට




සිංහල සිනමාවේ 68වැනි උපන් දිනය හෙට

 21දාට යෙදී ඇති අතර ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර 43 වසරක් සපිරීම නිමිති කර ගෙන විශේෂ සැමරුම් උත්සවයක් හෙට ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්වේ.

up coming actor in sri lanka

up coming actor Vinu udani