කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම පන්දු 3ක් ඉතිරිව තිබියදී ලකුණු 276කට බිඳ වැටුණු අතර නවසීලන්තය ඕවර 48.1කදී කඩුලු 6ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. ඒ අනුව තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකිවිය.
![]()
විලියම්සන්
|
ලකුණු 44ක් ලබා සිටියදී ඩිල්ෂාන් දැවීගියේ විලියම්සන්ගේ පන්දුවකට මාටින් ගප්ටිල් අතට උඩපන්දුවක් ලබාදීමෙනි. අනතුරුව සංගක්කාර හා එක්වූ මහේල ජයවර්ධන තුන්වැනි කඩුල්ලට ලකුණු 67ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්විය.
![]()
සංගක්කාර
|
ඔහු තරග 445කදී ශතක 28ක් සහ අර්ධ ශතක 68ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 13,430කි. ඊයේ සංගක්කාරගේ ඉනිම නිමාවනවිට ඔහු තරග 394කදී ශතක 20ක් සහ අර්ධ ශතක 92ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 13,490කි.
ඒ අනුව ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබූ පිතිකරුවන් අතර තුන්වැනි තැනට පත්වීමට සංගක්කාර සමත්විය. පෙරමුණේ පසුවන්නේ තරග 463කදී ශතක 49ක් සහ අර්ධ ශතක 96ක් සමග ලකුණු 18,426ක් රැස් කළ සචින් තෙන්ඩුල්කර්ය.
රිකී පොන්ටින් තරග 375කදි ශතක 30ක් සහ අර්ධ ශතක 82ක් සමග ලකුණු 13,704ක් රැස් කරමින් දෙවැනි තැන පසුවෙයි. ඇඩම් මිල්නේගේ පන්දුවකට මාටින් ගප්ටිල් වෙත උඩපන්දුවක් දී සංගක්කාර දැවීයනවිට පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් එල්ල කොට තිබිණි. නායක ඇන්ජෙලෝ මැතිව්ස් මිල්නේගේ ඊළඟ පන්දුවට ලකුණු නොලබා දැවීගියේය.
අනතුරුව ළහිරු තිරිමාන්න හා එක්වූ මහේල ශ්‍රී ලංකා ඉනිමේ මුලු ලකුණු සංඛ්‍යාව 245 දක්වා ඉහළ දැමුවේය. දෙදෙනා අතර 5වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 65ක සම්බන්ධතාව බිඳ වැටීමෙන් පසුව හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ මහේල දැවීගියේ ඔහුගේ ශතකයට ලකුණු 6ක් අඩුවී තිබියදීය.
නවසීලන්ත ඉනිමේ මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 63කදී බිඳ දැමීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වූවත් කේන් විලියම්සන් හා ග්‍රාන්ට් එලියට් එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 88ක සම්බන්ධතාවක් පවත්වා ගනිමින් නවසීලන්ත ඉනිම ගොඩ නැගුවේය. එලියට් දැවී ගියේ ලකුණු 44ක් ලබා සිටියදීය. නවසීලන්තයේ ජයග්‍රහණයට මං විවර කළ විලියම්සන් ලකුණු 103ක් ලබා සිටියදී 44 වැනි ඕවරයේ දැවී යනවිට ඔවුන්ට අවශ්‍යවී තිබුණේ ලකුණු 47ක් පමණි.
පන්දු 107ක් වැයවූ ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඇතුළත් විය. ඊට පෙර ඔහු කොරී ඇන්ඩර්සන් හා එක්ව පස්වැනි කඩුල්ලට අගනා ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ලකුණු 47ක් ලබා සිටි ඇන්ඩර්සන් දුවද්දි දැවී ගියේ 47වැනි ඕවරයේදීය. කඩුලු රකින ලූක් රොන්චි පන්දු 15කදී නොදැවී ලකුණු 32ක් රැස් කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. දෙපිල අතර පස්වැනි එක්දින තරගය 23වැනිදා පැවැත්වේ.



No comments:
Post a Comment